Saturday, November 2, 2013

අයිතිය සහ කැමැත්ත


ගහ අයිති පොළොවට,
ඒත් ගහ කැමති මලට...
මල අයිති ඒ ගහට,
ඒත් මල කැමති සමනලයට... 




17 comments:

  1. ගහටත් මලටත් ඔවුන්ගේ නොවන ඔවුන්ගේම ආදරයන් තිබේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ඒත් ආදරයක් නැති වෙන්නත් පුළුවන්... :D

      Delete
  2. අයිතියයි කැමැත්තයි කියන්නේ දෙකක් !
    අපි කැමති දේ අපට අයිති නෑ.. අපට අයිති වෙලා තියෙන දේට අපි කැමති නෑ !

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. සරළව කිව්වොත් කතාව ඒක තමයි.. :)

      Delete
    2. ඒ කතාව නම් සහතික ඇත්ත!

      Delete
  3. කවියක් ලියන්න් හැදුව රිප්ලයි එකට. මට මේ දවස් වල කවි ලියවෙන්නේ නෑ මක් වෙලාද මන්දා.

    හැම වෙලාවෙම අපි හිතන්නේ නැති දේවල් ගැන. ලද දෙයින් සතුටු වෙන්නේ කීයෙන් කී දෙනාද? ඔබේ ජීවිතයේ තියන ඔබට නොහැඟෙන තරම් පුංචි දෙයක් වුණත් තවත් කෙනෙක් ජීවිත කාලෙම පෙරුම් පුරලා ලබාගන්න බලාපොරොත්තු වෙන දෙයක් වෙන්න පුළුවන්. දෙයක වටිනාකම තදින්ම දැනෙන්නෙයි, ඒ දේ වැඩියෙන්ම ඕන වෙන්නෙයි ඒ දේ තමන්ගෙන් ගිලිහුණාම. ඒ නිසයි දත් තියන කාලේ ඇති තරම් හිනාවෙන්න කියන්නේ.

    මේ මගේ ෆිල්ම් එක ගැන තියන බ්ලොග් පෝස්ට් එකේ කොටසක්.. එච්චරයි ඉතින් මට කියන්න පුළුවන් ඔය ගැන...

    ReplyDelete
  4. ම්ම්ම්.. මේක ලියන්න නංගිගේ පෝස්ට් එකත් සමහර විට හේතුවක් වෙන්න ඇති... :)

    ReplyDelete
  5. අන්තිමේ කවුරුවත් කාටවත්ම අයිති නැද්ද මන්දා..

    ReplyDelete
  6. ඒ කියන්නේ අපි කැමති අපිට අයිති නැති දේවල්වලට කියලද? :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. හැම තිස්සෙම එහෙම නෙවේ.. සමහර වෙලාවට එහෙම වෙනවා නේ.. :D

      Delete
  7. කැමති හැම දෙයක්ම අයිති කරගන්න ගියොත් ලෝක ලෙඩක් වෙන නිසා තමයි අයිතිදේට පමනක් කැමති වෙලා ඉන්න සිද්ධවෙන්නේ.

    ReplyDelete
  8. ඒක ඇත්ත.. ප්‍රශ්නේ තියෙන්නේ සමහරු අයිති දේටත් කැමතිද කියන එක...:D

    ReplyDelete
  9. අයිතියයි කෑමෑත්තයි කියන කුලක දෙක චේදනය වෙලා පොදු කුලකයක් හෑදුනු ගහ වගේ දිනන්න පුලුවන් කීයෙන් කීදෙනටද... !!

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ නැහැ ගහ ඉන්නේ , දිනලා කියලා... :)

      Delete
    2. තමන්ට ඕන දේවල් ලෑබෙන එක දිනුමක් නෙමේද?

      Delete
    3. එහෙම හිතමු එහෙනම්...:)

      Delete