Friday, November 15, 2013

මම දන්නේ කොහොමද ???

සාමාන්‍යයෙන් ආදර කතා වලට තියෙන්න ඕන දෙපැත්තයි..( සම්මතය )
මම දන්න බහුතරයක් ආදර කතා වලට තියෙන්නේ එක පැත්තයි..(පව්..)
ඒත් සමහර ආදර කතා තියෙනවා පැති තුනක් හතරක් තියෙන.....(අසම්මතය)

ප්‍රශ්නය මේකයි..
සිංගල් කොල්ලෙක්ට ලස්සන සිංගල් කෙල්ලෙක් දැකපු ගමන්ම හිතෙන දේවල් මොනවද ??



01.සමහර එවුන්ට එක පාරින් ආදරේ හිතෙනවා..
02.තවත් සමහර එවුන්ට අනේ මට මෙයා දැකල පුරුදුයි වගේ නේද කියල හිතිලා ආයෙමත් හැරිලා බලනවා..
(ඊට පස්සේ ඒක ගැන හිතන්න පටන් ගන්නවා )
03.සමහර එවුන් ගේමට එන්ටර් වෙනවා කියල හිතල කෙල්ල ගැන විස්තර හොයන්න පටන් ගන්නවා..
04.තව සමහර එවුන් , පැරදෙන්නත් කලින්ම පරාජය භාර අරන් හිතනවා, අනේ මට කවද එයාට ලං වෙන්න පුළුවන්ද?? කියල..(මනෝ ලෝකෙන් කෙල්ලගෙන් කැමැත්ත අහල කෙල්ල බෑ කියලත් ඉවරයි )
05.ඔය අස්සේ තව සමහර එවුන් වැල පොයින්ට් ගන්නවා..

05 වැනි එක පොඩ්ඩකට පැත්තකින් තියමු..
අනිත් කරුණු 04 ආදරේ සම්බන්ධයෙන් ඇති වෙන ගැටළු..

කවදාවත් ආදරේ කරලා නැති එවුන්ට උභතෝකෝටික (චතුෂ්කෝටික නෙවේ..) ප්‍රශ්නයක් වෙන්නේ ඒ දැක්කේ තමන්ට ගැලපෙන කෙනාමද කියන එක...

දැන් ඇත්තටම මේ දැක්කේ තමන්ට හරි යන කෙනාමද මේ කියල කොහොමද තීරණය කරන්නේ ??
මම ඉතින් කීප දෙනෙක්ගෙන් ඇහුවා...


පිළිතුරු අංක 01. 
කතාබහ කරලා... ටික කාලයක් ආශ්‍රය කරලා..
මේක කරන්න කොහොම හරි කෙල්ලට ඩිරෙක්ට් ළඟා වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕන..
එහෙම බැරි නම් වැඩේ අමාරුයි..
කරන්න පුළුවන් නම් හොඳම ක්‍රමේ මේක..ඒත් ගොඩක් වෙලාවට කෙල්ලගේ උත්තරේ වේවි ඔයා මට හොඳ වැඩියි.. ඔයා මගේ හොඳම යාලුවෙක්. අපි හැමදාම යාළුවො වගේ ඉමු කියල...
එහෙනම් මොකද්ද කරන්න ඕන ??
කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහපන්... එච්චරයි..

පිළිතුරු අංක 02
fb එකේ Add කරගෙන.. චැට් කරලා ගේම් රික්වෙස්ට් යවලා , කවි ලියලා ලස්සන ෆොටෝ ශෙයා කරලා...

සමහරවිට හරි යයි.. කෙල්ල ඔය වගේ ඒවාට කැමති නම්..
සමහරවිට වරදීවි.. කෙල්ලට ඕනවට වඩා ඇනයක් වෙනවා නම්..
ඒ වගේම රටේ ලෝකෙ හැමෝටම මම මෙයාට ලව්, එහෙම නැත්තන් මම මෙයා නිසා දුකෙන් වගේ කියල තේරෙන දේවල් fb දානකොට කෙල්ල අපහසුතාවෙට පත් වෙනවා නම් අනිවා අප්පිරිය වෙයි..
එහෙනම් මොකද්ද කරන්න ඕන ??
කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහපන්... එච්චරයි..

පිළිතුරු අංක 03
අඳුරන එවුන්ගේ මාර්ගෙන් කෙල්ලට ළඟා වීම ..
භයානකයි. අන්තිමේ යහළුවාත් කෙල්ලාත් දෙදෙනාම නැති වී යාමට ඉහල සම්භාවිතාවයක් ඇත...
එහෙනම් මොකද්ද කරන්න ඕන ??
කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහපන්... එච්චරයි..

පිළිතුරු අංක 04 
කෙල්ලට පේන්න වැඩ දාල, බොරු පාට් දාල කෙල්ලගේ අවධානය දිනා ගැනීම..
එහෙම දාල කෙල්ලව දිනා ගත්තොත් ඒ විදියටම ඉන්න වේවි...ඒ කියන්නේ බොරු චරිතයක් නම් රඟපෑවේ ඒ චරිතේ දිගටම කරන්න වේවි..
 එහෙනම් මොකද්ද කරන්න ඕන ??
කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහපන්... එච්චරයි..

පිළිතුරු අංක 05 (මම ආසම එක..)
කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහනවා..
බය වෙන්න එපා.. අනිවා බෑ කියනවා..එහෙම තමයි කෙල්ලෝ..
තව දෙතුන් පාරක් අහන්න වෙනවා...

එහෙනම් මොන මඟුලක්ද කරන්න ඕන ??

මම දන්නේ කොහොමද??
ඒක ඉතින් තමන් තීරණය කරන්න ඕන..
කරන්න ඕන දේ උපදෙස් දෙන්න මම කවුද??

සමහර එවුන්ට තනිකම සැපයි.. (ප්‍රශ්නේ තියෙන්නේ මේක තේරෙන්න කල් යනවා.. ඒ නිසා මොකෙක්ටවත් තනියම ඉඳපන් කියල උපදෙස් දීල වැඩක් නැහැ.. තමන්ම කට්ට කාල තේරුම් ගන්න ඕන )
පූජනීය ප්‍රේමවන්තයන්ට ආදරය සැපයි..
තවත් එවුන්ට කම්සැප සැපයි..
අනිත් එවුන්ට #$@%^#....

කවද හරි කෙල්ලොන්ව තේරුම් අරන් ආදරේ කරනවා කියල හිතන මනුස්සයන්ට ඉතින් දෙයියන්ගේම පිහිටයි..
ඒත් කෙල්ලොන්ගේ හැටි තේරුම් ගන්නේ නැතුව ආදරේ කරන්න පටන් ගන්න මනුස්සයට ඒ පිහිටත් නෑ මම හිතන්නේ..

කෙල්ලන්ව තේරුම් ගන්න බෑ කියන එක උන්ට කරන අපහාසයක් නෙවේ.
මොකෙක් හරි පොදුවේ ගෑනු සේරම එකයි කියල කියපුවම මම අහන්නේ ඉතින් උඹේ අම්මත් එහෙමද කියලා... (සැර වැඩියි.. කියන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕන )

තමන්ගේ දේවල් වලට පුදුම විදියට ආදරේ කරන , තමන්ගේ දෙයක් නැති උනොතින් දවස් ගානක් අඬන කෙල්ලෝම තමයි කවද හරි අම්මල වුන කාලෙට තමන් බඩගින්නේ ඉඳගෙන දරුවොන්ට කන්න දෙන්නේ.. තමන්ට අලුත් ඇඳුමක් ගන්න සල්ලි නැතත් දරුවට ඇඳුම් අරන් දීල ඒ දිහා බලල සතුටු වෙන්නේ..
කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු නෙවේ. ඒකම අනිත් පැත්තටත් වලංගුයි.. කොල්ලෝ කියන්නෙත් සෙල්ලම් බඩු නෙවේ..

කෙල්ලෙක් එක්ක යාලු වෙන්න (ආදරය කරන්න ) අමාරුයි..
ඒක පවත්වාගෙන යන්න ඊට අමාරුයි...
ඒක කෙල්ලොන්ගේ වැරද්දක් නෙවේ.. ආදරේ කියන වචනේ තේරුම් ගන්න හැටියේ වැරද්දක්..
ඕක තේරුම් කරන්නවත් තේරුම් ගන්නවත් බැරි දෙයක්..
ඒත්...

ආදරේ කියන්නේ සෙල්ලමක් නෙවේ..
හැරෙන්න හිතාගෙන පටන් ගන්න ඕන දෙයක් නෙවේ...
කරනවා නම් බැහැල කරන්න ඕන..
ආදරේ කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නෑ..
දෙන්න හොඳට මැච් වෙනවා නම් නිකන්ම තමන්ට ඕන ජීවිතේ ලැබෙනවා...


කවදාවත් කිසිම කෙනෙක්ට ආදරේ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න යන්න එපා..
ගොඩක් වෙලාවට සමහර අය තමන්ගේ ලව් ප්‍රශ්න ගැන කතා කරන්නේ ඒවාට උපදෙස් ඕන වෙලා කියල හිතන්නත් එපා.
ඒ වෙලාවට කියන දේවල් අහන් ඉන්න එක , ඌට උපදෙස් දෙනවට වඩා කරන්න පුළුවන් උදව්වක්..
ඒ වගේම හරි හමන් උපදෙසක් දෙන්න පුළුවන් නම් ඒක හෙනම ලොකු පිනක්..
කොහොම හරි කෙල්ලෙක් ඕන නැත්තන් ජීවත් වෙලා වැඩක් නෑ වගේ කියල හිතන අයට නම් කවදාවත් ආදරේ ගැන උපදෙස් දෙන්න යන්න හොඳ නෑ..

(මේ මම දෙන්නේ උපදෙස් නෙවේ.. හිතන්න කැමති නම් හිතන්න )
මොනවා ලිව්වද මන්දා.. ලෝකේ වෙන දේවල් දැක්කම ඉබේම ලියවුනා...

මම සර්ව සාධාරණ නෑ..
මේ සම්බන්ධයෙන් මහා ලොකු දැනීමකුත් නැහැ..

මේ මගේ අදහස් විතරයි.. හරිද වැරදිද කියල මම දන්නේ නෑ..






16 comments:

  1. මේ පෝස්ට් එකේ දිග..... දෙතුන් සැරයක් කියවන්න වුණා තේරුම් ගන්න..

    මම හිතන විදියට කාටවත් කාගෙවත් ආදර කතා වලට උපදෙස් දෙන්න බැහැ. මොකද ආදරේ කරන්නේ තමන් නිසාත් ආදරේ කරන කෙනාගෙ දුර්වලතා හොඳින්ම දන්නේ තමන් නිසාත් තමන්ගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙත් තමන් ළඟමයි. ඒ වගේම හැමෝගෙම ආදර කතා එකිනෙකට වෙනස්. සම්මතය වුණත්, අසම්මතය වුණත් ඒක එහෙමයි... ඒ නිසා තමන්ගේ ආදර කතාවෙ පද පේළි ගලපන්න ඕනේ තමන්මයි..

    //කොහොම හරි කෙල්ලෙක් ඕන නැත්තන් ජීවත් වෙලා වැඩක් නෑ වගේ කියල හිතන අයට නම් කවදාවත් ආදරේ ගැන උපදෙස් දෙන්න යන්න හොඳ නෑ.//
    මෙන්න මේ මෝඩ වැඩේ නම් මම අනන්තවත් කරනවා. ඒත් මේ ළඟදි ඔහොම ඉපදෙස් දෙන්න ගිහින් ලුණු ඇඹුල් ඇතුව අහගත්ත නිසා ආයේ මම ඒ මෝඩ වැඩේ නොකර ඉඳියි..
    .

    ReplyDelete
    Replies
    1. මේවා ගැන ඉතින් ගොඩක් දේවල් ඔයා දන්නවා නේ... :)

      Delete
  2. පිළිතුරු අංක 2, චැට් කරලා කවි ලියලා.. මේ මාත් එහෙමනේ බං කලේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඔව් ඔව්.. ඒක හොඳ ක්‍රමයක් නෙවේ කියල මම කියන්නෙත් නෑ.. ;)

      Delete
  3. මේ වගේ දේවල්වලට උපදෙස් දෙන්න අමාරු යි යාළුවා.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි... උපදෙස් දෙන මනුස්සයම අන්තිමේ නරක මිනිහ වෙන්න පුළුවන්...

      Delete
  4. මුළින්ම දැන අඳුනගෙන කතා බහ කරන්න ඕනේ.ඒ කාලයේදී ඇත්තටම තමන් තේරුම් ගන්න ඕනේ ඔහු/ ඇය තමන්ට ගැලපෙනවද කියලා... ඊට පස්සේ වැදගත් විදිහට අහන්න ඕනේ මෙහෙම ...

    " ඔයා එක්ක කතා බහ කරපු කාලය තුළදී මට ඔයා හිතන පතන විදිහ ගැන තේරුම් ගියා.. ඔයා ගැන බලාපොරොත්තුවක් තියාගත්තට කමක් නැද්ද " කියලා ... බොහෝ විට " හිතලා බලන්නම් " කියලා උත්තරයක් එන්න පුළුවන්...

    ඊට පස්සේ සංකීර්ණයි ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඔව් ඒ විදිය ගොඩක් හොඳයි..හරියටම ට්‍රැක් එකට වැටුනේ නැත්තන් ඊට පස්සේ එන සංකීර්ණ තත්ත්වය දරා ගන්න හෙනම අමාරු වෙනවා..

      Delete
  5. //කොල්ලෝ කියන්නෙත් සෙල්ලම් බඩු නෙවේ.// සමහර වුන්ට තේරෙන්නේ නැත්තෙත් ඕක බං මල්ලි.අපිටත් හිතක් පපුවක් තියෙනවා.හැබැයි අපිට ලෝකෙට පේන්න කෑ ගහලා අඬන්න බෑ.ඒකයි වෙනස...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. මොනවා කරන්නද ඉතින්.. මේවා තේරුම් ගන්න අමාරුයි නේ..

      Delete
  6. ගෑනු විතරක් නෙමේ මේ ලෝකේ බොහෝ අයව තේරුම් ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. අපි හැමෝම කරන්නේ රඟපාන එක නේ...

      Delete
  7. ඔය ඔක්කොම වයසෙ හැටියට තමයි තීරනය වෙන්නෙ...ආදරේ ගැන අර්ථදැක්වීම් වයසට අනුව වෙනස් වෙනව..(මං හිතන්නෙ හරිය..)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඒක හරි.. වයසත් එක්ක හිතන හැටි වෙනස් වෙනවා නේ... ඒක ඉතින් ප්‍රශ්නයක්... :(

      Delete
  8. කෙලින්ම අහන එක නියමයි... ඔන්න තුන් සැරයකට වඩා නං අහන්ඩෙපා.. කිච වෙනවා.. තුන් පාරකුත් වැඩියි මං හිතන්නේ. මං වගේ දෙපාරක් අහලා නිකා ඉදින් :)

    ReplyDelete
    Replies
    1. මට දෙපාරින් හරි ගියා... :D මමත් හිතන්නේ තුන් පාරක් නම් වැඩියි වගේ කියලා...

      Delete