Saturday, December 22, 2012

සිතූ ගෙන් උගත් පාඩම...



ඒත් බලය ලැබුනම
මිනිස්සු වෙනස් වෙනවලු නේ??

අපි අතරෙන් කෙනෙක් ආවොත්
මේ වගේ වෙයි කියල හිතනවද ??

දැන් ඉන්න කෙනත් ආවේ
අපි අතරේ ඉඳලා නේද??

ප.ලි
සෑහෙන්න සිතුවෙමි..
පොඩි ළමයා  වුනත්, කී කතාව ඇත්ත ය...
දීමට උත්තර නැත...

Thursday, December 13, 2012

අපට අපි අමතක ය...(ද ???)



භය හිතේ රජ කරන මහ පුදුම කාලයකි...
අපි අතරමං කරලා හමා යන  මීදුමකි ...

ලෙඩ වෙලා අහස් ගැබ වේලිලා හුස්ම පොද 

හෙවනැලි ද අප අතැර පලා යන හැටි බලන් !!

පංච ඉන්ද්‍රියයෝ අපෙ...මරලාද මැරිලාද ??
කශේරුව කැබලි වී ගැලුවේ සුදු  ලේ නේද ??....

හඬ නගා අසන්නෙමු නුඹ කොහිද , නුඹ කොහිද ??

අපව ගලවා ගන්න , නුඹ එන්නේ කවදා ද ??

නුඹ ඉතින් අපි අතර සිටින බව නොමදකින
ඇස් පේන මේ අපිම කොයිතරම් අන්ධයිද??


"නුඹ" ඒවි යැයි හිතන  "අපට අපි අමතක ය"