Thursday, March 31, 2011

ඉස්කීමියා

දැනෙනවා පුදුම හිස් බවක්..
හිතා ගන්නට බෑ අඩුව නම්.....
මොනවා හරි අඩුයි වගේ
අඩු මොකද්ද? මොනවගේ දෙයක්ද?
හිතා ගන්න බෑ මට 
එපා වෙනවා එතකොට සේරම 
මොන ......ද?
මම හුස්ම හෙලනවා - හිස්ම හිස්
වා තලයට තනියම
මගේ ළඟ මම ඉතුරු කරපු
උනුසුමත් ටිකක් තියෙනවා
ඒකත් මේ වා තලයටම දීලා
සීතලේ ඉන්නවා මම.....
හිර කරන් තියෙන හැඟීම්, හොරාට එලියට 
පනින්න හදනවා 
මටවත් කියන්නෙ නැතුව
          පව්!!!
දන්නෙ නැතුව ඇති හිර කූඩුවෙ යතුර 
මගේ ගාව කියලා... 

Wednesday, March 23, 2011

සත්තකයි මට සියට සීයක්.........

ගිනි අව්ව මහ පොළොව ඉරි ඇඳ
සුළඟ දුහුවිලි මතින් ඇදුනත්
නුඹට ඒ බව නොදැනෙනා බව
සත්තකයි මට සියට සීයක්
a/c මැෂිමත් ෆුල් දමා ගෙන
වළා ඇතිරූ benz රිය තුල.....
නුඹට දැනෙනා එවන් සිසිලස
නුඹේ අසළම පාර අයිනේ
දුහුවිලිත් ගත පුරා දවටන්
සිඟා යදිමින් හඬා වැටෙනා
ඇගේ ගත නම් නොවිඳිනා බව
සත්තකයි මට සියට සීයක්.....
වැරදි කරුවෙක් නොමැත
වැරැද්දක් ඇති බවක් පෙනුනත්
නිවැරදිව හැම දේම වේ නම්
දෙදෙනාම එක් අසුනකට වී
ලෙන්ගතුව දොඩමළු වෙනා බව
සත්තකයි මට සියට සීයක්......