Friday, September 20, 2013

...සමහරු.. (ආතාගේ ටයිප් කවියක් ලිවීමට දැරූ උත්සාහය )


තමන්වත් හරි හැටි නොදන්නා දේ ගැන
ඇතැම් මහතුන් ලියති පඬිවරුන් විලාසෙන්
වෙන කොහොමවත් නොව
උපමා කොට තමන්ගේ අත්දැකීම්

තමා ලද අත්දැකීම් - ලෝකයේ සියලු දේ වලට වඩා තඩි යැයි සිතාලා
තමා ලද අත්දැකීම් - ලෝකයේ නියම හැටි පෙන්වයි සිතාලා....
ලියන මේවා බලලා - චූං වෙනවා කඩේ යන බුවාලා....

රාමුවක කොටුවෙලා
පොළොවේ පය ගහන් සිටිමි යැයි සිතලා
කරන මේ චෝදනා නඟන ඒ අදෝනා වලට වඩා
ළිඳේ ගෙම්බාගේ  - බක බක නද වුවත් මිහිරි ය

කියූ විට අදහසක් නැතිනම් වැරද්දක්
රෙද්ද උස්සන් බනිති හෙළුවෙන්....
එහෙමත් කට වසනු බැරි නම්
එනවා වලියට නම් ගම් නොමැති විලසින්....


8 comments:

  1. මං ටියුබ්ලයිට්..

    ReplyDelete
    Replies
    1. හික්ස්.. වැඩිය ඒ ගැන හිතන්න එපා අයියේ.. :D

      Delete
  2. කාලෙකින් නේද ...? මම ෆලෝ කරලත් නැහැ වගේ...හොඳ කවි පෙළක් රවින් ...දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඔව්. ගොඩ කාලෙකින් එකක් ලියන්න හිතුනේ.. කමෙන්ට් එකට බොහොම ස්තූතියි යාළුවා.. :)

      Delete
  3. සරිලයි නම්
    ගැළපෙයි නම්
    කිමද පමා
    තවම

    මේ ඔබේ තොප්පියයි!

    ReplyDelete
    Replies
    1. තොප්පිය නම් දා ගන්න එකක් නැහැ..
      අත්දැකීම් වැඩි ජීවිතයක් නේ.
      අනික පොළොවේ පය ගහල ඉන්නකොට
      අපි වගේ අහසේ ඉන්න එවුන් කියන ඒවා
      අහන්න හිතෙන්නේ නැහැ නේ...

      Delete
  4. රවීන්.....නියමයි කවි ටික. පෞද්ගලික අත්දැකීමක් නම් මෙතනින් අමතක කරලා දාන්න. ඔයාට කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.ඔයා දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූතියි කමෙන්ට් එකට.. ඒ වගේම බොහොම ස්තූතියි දිරි ගැන්වීමටත්..
      දෙයක් තේරුම් කරන්න ඕන හරි කතා කරන්න හරි ඕන අනිත් මිනිහෙක්ගේ මතයක් ඉවසන්න පුළුවන් මිනිහෙක්ට විතරයි කියල දැන් මමත් තේරුම් අරන් ඉන්නේ. :D

      Delete