Monday, December 5, 2011

කොකා , ගප්පියෝ, සහ මම ( සත්‍ය කතාවක් නොවේ...)



අපේ වත්තේ එක මුල්ලක - ලොකුවට සරුවට හැදිච්ච
 

නම හරියට දන්නේ නැති - ගහක් තියෙනවා........

පොඩියට ගැඹුරට හදාපු - කොළ පාටට වතුර පිරුණු 
හැඩයක් නැති පොකුණ තිබුනේ - ඒ ගහ හෙවනේ........

කාලයකදී පොකුණ පුරා - කොරලි මාළු පිරිලා හිටියා 
ලෙඩක් හැදිලා උන් ඔක්කොම - මැරිලා ගියා නේ.....

දැන් නම් ඒ පොකුණේ ඉන්නේ - ගප්පි මාළුවෝ විතරයි
හරිම ජයට මේ ගප්පියෝ - පොකුණේ බෝ වුනා ....

සාරි තියෙන හොඳම ගප්පි- සාරිය නැති කානු ගප්පි 
ලොකු පොඩි හැම සයිස් එකෙන් - පොකුණේ ඉන්නවා......

කාලය ගත වෙලා ගියා - ගප්පියෝ සතුටෙන් හිටියා 
කොකෙක් ඇවිත් උන්ගේ සතුට - වනසලා දැම්මා......

කොහෙන් ඉඳංදෝ ඇවිදින් - මේ තඩි කණකොක් තඩියා 
දවස ගානේ උදේ හවා - ගප්පි ගිලිනවා.....

පොකුණේ නෙලුම් කොලයක් නෑ - ගප්පියොන්ට හැංගෙන්නට 
කොකාට නම් ෆුල් ආතල් - දන්සැලක් වගේ.......

ඌත් හරිම පුදුම කොකෙක් - සාරිය නැති ගප්පි සොයා 
තෝරාල පරෙස්සමට - ගිලලා දානවා......

සෝබන කාරයොන්ට නම් - කොකා වුනත් කැමති වගේ 
කොතැන ගියත් නැති එකාට - කනට වදිනවා....

ඕව හිතලා වැඩක නෑ නේ - මොනවා හරි කරන් ඕන 
මම ගප්පියෝ බේරා ගන්න - ප්ලෑනක් ගැහුවා....

තනියම කරනවාට වඩා - තව අයගෙන් අහල බලල 
හොඳම වැඩේ කරන්න මම - තීරණය කරා...

කොකා ඇවිත් මාළු ගිලී - ආහාර දාමය එහෙමයි 
ඒක බිඳින එක හොඳ මදි - තාත්තා කිව්වා..... 

සංසාරේ හැටි එහෙමයි - ප්‍රබලය දුබලයාව ගිලියි 
මොනවා කරන්නද කියලා - අම්මා කිව්වා....

බොට විභාගේ නේද යකෝ- ඕව හිතන්නේ මොකට ද 
පාඩම් කරපිය කියලා - අයියා කිව්වා.....

අපි කොකාට ගල් ගහලා - මරල ඌව මස් කරලා 
හවසට අඩියක් ගහමුද - යාළුවො ඇහුවා.....

හිතා ගන්න නම් බෑ මට - මොකක් කරන්නද කියලා 
මම දුවගොස් පොකුණ ළඟට - කොකා එලෙව්වා.........

8 comments:

  1. Hah maru Ramboooo. elama kiri.
    podi kaale mathak unaa ban :)

    ReplyDelete
  2. යාලුවො තමා හරි ක්‍රම් කියල තියෙන්නෙ...හික් හික්..ඒක තාත්ත කියාපු තියරියටත් එකඟයිනෙ.. :D

    ReplyDelete
  3. අපූරුයි යාළුවා..

    ReplyDelete
  4. අපරාදේ. මම හිටියා නම් ඔය සාරි ගප්පි සේරෝම අල්ලගෙන ටැංකියක දාගෙන ඇති කරනවා.

    ReplyDelete
  5. @chanux: thaaaaaanx machan.. hiks.. meke wena therumak thiyenne habayi...podi lamayinta nam therena 1k na eka...

    @හංසි: thank u very much ....

    @Dinesh: බොහොම ස්තූතියි මචෝ....

    @මධුරංග: හික්ස්ස්... අවුලක් නෑ බං.. මේ කොකා පුදුම එකෙක්, ඌ කන්නේ සාරිය නැති එවුන්ව විතරයි..සාරිය තියෙන පොෂ් එවුන්ව කොකා කන්නේ නෑ...උඹට ඕන නම් දෙන්න පුළුවන්...හික්ස්

    ReplyDelete
  6. @මකුළු පැංචි: හපොයි... උඩ කමෙන්ට් එකට ඔයාව දාන්නන බැරි වුනා නේ.. සොරි වෙන්න ඕන..:-).. ම්ම්ම්.. යාළුවොන්ගේ එකට එකඟ වුනා නම් හොඳයි තමයි.. අඩු ගානේ උන්ගේ ගානේ කොකා කෝලා එකක්වත් බොන්න තිබුණා.. හික්ස්ස්

    ReplyDelete
  7. හරිම පාලම කොකෙක් තමයි

    ReplyDelete