Friday, November 4, 2011

විභාගය ......

පොඩි කාලේ කවුද මට කිව්වා
පුතේ හඳ ඉලක්ක කරපන්..
උඹට එතකොට 
තරු ළඟටවත් යන්න
පුළුවන් වෙයි කියලා....

ඉතින්

මම හඳ ඉලක්ක කරා
ඒත් මම ආවේ තරු ළඟට
මම කට්ට කෑවා ඇති තරම්
ඇත්තමයි!!!
ඒ තරු ළඟට යන්න නම් නෙවේ
හඳ ළඟටම යන්න

මොනවා කරන්නද ඉතින්
හඳට තව ගොඩක් දුරයි
පේන හැටියට නම් තව
ගොඩා...ක් දුරයි...

අවුලක් නෑ කියලා හිත හදාගන්න බෑ
මොකක්දෝ අවුලක් තියෙනවා..
හඳ ඈත පෙනෙද්දීත්
ඇයි මම තරු ළඟ නතර වුනේ??

මට පුළුවන් මෙච්චරදද???
මේ මගේ වාසනාවද???
එහෙමත් නැත්තන්.....

"මේ මගේ ඉරණම"ද?

4 comments:

  1. කොච්චර උත්සහ කරත්
    හැමෝටම හඳ අල්ලන්න බෑ
    ඒ වගේම හැමෝටම තරු අල්ලන්නත් බෑ
    කොටසක් ඉන්නවා,
    වලාකුලු වත් අල්ලන්න බැරි,
    තවත් කොටසක් ඉන්නවා ,
    උඩ පනින්න වත් බැරි.....
    තව එකක්,
    හඳ අල්ලපු අයට ආයේ කවදාවත්
    තරු අල්ලන්නත් බෑ....
    හඳ නැති වෙලාවට,
    ඔය පුංචි තරු කැට තමා
    එලිය දෙන්නේ..........
    --------------------
    කවි පබැඳුම අපූරුයි....

    ReplyDelete
  2. අපි කොච්චර උඩ පැන්නත්
    පෙර කළ දේවල් තමයි,
    අපේ ජීවිතේ,
    විභාග කරන,
    විනිසුරු මඬුල්ල......

    ReplyDelete
  3. ලස්සන අදහසක්... මේ මගේ ඉරණමයි කියලා හිතන්න එපා...

    ReplyDelete
  4. @ගලයා : ඔවු බං... මේ අනිත් එවුන් අපිව ජජ් කරන ජීවිතේ මට නම් අප්පිරියයි.... මට ඕන ඉක්මනටම මගේ ජීවිතේ මටම ගෙනියන්න.
    my life - my rules

    @Dinesh: එහෙම හිතලා බෑ තමයි මචං.. මටත් දැන් ඒක තේරිලා තියෙන්නේ. ස්තූතියි අදහසට

    ReplyDelete