Wednesday, December 7, 2011

සුළඟ.......



පරණ සුළඟම අලුත් විදියට 
හමා ආවත් මිතුරු විලසට 
විඳිනු බෑ එහි තිබෙන සිසිලස 
කිමද මේ මට දැනෙන අරුමය....

හිරු කිරණ සඳ කුමරි නහවන
අඳුරු රෑ ගන අඳුර බින්දත්....
නොම දනී සඳ කුමරි නම් එය
පෙම් බඳී ඇය සිකුරු තරුවට.....

සිහින මන්දිර නොහැදුවේ මම
කාසි කහවනු නැති නිසාමය.....
අදත් හදනෙමි සිහින මන්දිර
එදා සිහිනෙට වඩා වැඩිපුර.............


4 comments:

  1. පරණ සුළගම අළුත් වෙලා ආවට ඒ පහස විදින්න උරුම නැත්නම් මොනවා කරන්නද??

    ReplyDelete
  2. @Dinesh: ඒක තමයි මචෝ.... ඉතින් කරන්න තියෙන්නේ පරණ සුළඟ ගැන හිතන්නේ නැතුව, දැන් වහින වැස්ස ගැන හිතන එක...

    ReplyDelete
  3. පරණ සිළඟට ඉස්සර වගේම හමන්න දෙනවද ?

    ReplyDelete
  4. මධුරංග: නෑ නෑ.... එහෙම දෙන්නේ නෑ.. ඊට වඩා දැන් වහින වැස්ස හොඳයි මචං...:-D

    ReplyDelete