A/L කරලා කැම්පස් 1ට පැන ගත්තම මම හිතුවේ "අම්මෝ යාන්තම් ඇති දැන් නම් ශේප් එකේ වැඩ ටික කරන් යන්න පුළුවන්" කියලා.. ඇයි ඉතින් අහන අහන හැමෝගෙන්ම තෙල වැදුනේ:
කැම්පස් ලයිෆ් එක මාර ෆන් මචන්.. ආතල් එකේ වැඩ ටික කරන් ඉන්න තියෙන්නෙ.. අයියෝ එක්සෑම්ද? ඒවා ගොන් පාට් නේ බන්. උඹට ඕක කර ගන්න පුළුවන්... ෆන් එකේ ඉඳින්.. ඕන්න ඔහොමයි..
1st year එක නෙ. මට ටිකක් මොරාල් අප් වෙලා හිටියෙ. මුලටම මේ කතා විශ්වාස නොකරත් 1st semester exam එක කරාම හිතුනා අනේ ඇත්තට මේ කියන දේවල් ඇත්ත නේද කියලා.. ඉතින් ඕකෙන් වුනේ ඇත්තම කියනවා නම් මම ගොනාට ඇන්ද එක. එහෙම ඇඳලා නිකන් හිටියා නම් තව කමක් නෑ. රට වටේ තියෙන මෝඩ ආතල් සේරම ගත්තා.. එහෙම ගන්න ගමන් තව පොර වගේ හිතුවත් එක්ක යකෝ ස්ටඩි ලීව් එක සති 3ක් තියෙන්නෙ. අරක ගොඩ දා ගත්ත එකේ මේක ගේමක් වෙන එකක් නෑ කියලා..( මොකද අපේ FAC එකේ සම්මතයක් තියෙනවා 1st year එකේ 1st semester එකට වඩා 2nd semester එක ලේසියි කියලා..)
ඔන්න ඉතින් එහෙම ඉඳලා මට 2nd semester එකේදි රිසල්ට්ස් ආවම බැලින්නම් හත් දෙයියනේ module 3ක්ම රිපීට්.. මොනවා කරන්නද? වැඩේ ලේසි නෑ අප්පා... ඊළඟ පාර ජුන්නො එක්ක ලියන්න වෙනවා.එක පාරක් පාඩම් කරපුවා නේ. දැන් ආයෙ පාඩම් කරනවා කියන්නෙ මරණවා වගේ.. මට දැනුන සතුට කොච්චරද කියනවා නම් ඒවට පාඩම් කරන්න ගත්තම මට මෙන්න මේ කවිය වගේ එක ලියැවුනා...
රිපීඨය
නොයා යුතු පීඨයකි -ඒ නමුත් මම ගියෙමි
ආතල්ය ඇත්තෙන්ම - කියන්නට බැරි තරම්
රිපීඨය රිපීඨය - ඔබ හරිම සුන්දරය
කියා ගත නොහැක මට - එතරම් ම ආතල්ය
නොදැන මම ගොඩ වුනෙමි - රසය දැන ගතිමි ඉන්
හැර යන්න වෙන නමුත් - ශුවර් නෑ මේ වරත්
මෙහෙයුමක් දියත් කරා - හැර යා යුතු බැවින්
හපොයි කරුමෙක මහත
පටන් ගත් තැනම මම - පල් වේය දින ගනන්
රිපීඨය හැර යන්න - හැකි වෙයිද මෙවර වත්?
( කාට කාටත් මේවා හොඳ පාඩම් හොඳේ? )