Thursday, March 31, 2011

ඉස්කීමියා

දැනෙනවා පුදුම හිස් බවක්..
හිතා ගන්නට බෑ අඩුව නම්.....
මොනවා හරි අඩුයි වගේ
අඩු මොකද්ද? මොනවගේ දෙයක්ද?
හිතා ගන්න බෑ මට 
එපා වෙනවා එතකොට සේරම 
මොන ......ද?
මම හුස්ම හෙලනවා - හිස්ම හිස්
වා තලයට තනියම
මගේ ළඟ මම ඉතුරු කරපු
උනුසුමත් ටිකක් තියෙනවා
ඒකත් මේ වා තලයටම දීලා
සීතලේ ඉන්නවා මම.....
හිර කරන් තියෙන හැඟීම්, හොරාට එලියට 
පනින්න හදනවා 
මටවත් කියන්නෙ නැතුව
          පව්!!!
දන්නෙ නැතුව ඇති හිර කූඩුවෙ යතුර 
මගේ ගාව කියලා... 

4 comments:

  1. මුදු මොළකැටි පහසක්...
    පිවිතුරු ආදරයක්...
    අඩුයි වගේද
    ජීවිතයට?

    ReplyDelete
  2. ඔය හැම දෙයක්ම තිබුනත්, ළඟා වෙන්න බැරි දුරකින් තියෙන 1 තමයි දරා ගන්න අමාරු මචන්

    ReplyDelete
  3. ලස්සන වචට සෙට් එකක් එකතු කරලා තියෙන්නෙ ......

    ReplyDelete
  4. ස්තූතියි අයියේ.. මේක නම් නිකන්ම එකතු වුන වචන සෙට් එකක්.

    ReplyDelete