Friday, November 14, 2014

...දුකක් නැහැ ඉතින් මට පල්ලමේ මම හිටිය....



කාලයක මල් පිපුනා
කාලෙකදී කොළ හැලුනා
අකුණු සැර, වැහි බින්දු
වෙලාවක ඇද වැටුනා ..

සමහරක් වෙලාවට
මිහිරි ගී පද ඇහුනා
ඒ මුවින් ඇතැම්විට
රුදුරු ගිනිදැල් මැවුනා

ඒ වුනත් කාලයක්
උඹ මගේ ළඟ හිටියා
මම උඹේ ළඟ හිටියා...

උඹ අඬපු වෙලාවට
උඹ එක්ක මම ඇඬුවා
හිනා වෙන වෙලාවට
හිතින් මම රස වින්දා  ..

හිටි වනම දුර ඈත
උඹ තනිව පිය මැන්නා
අළු පාට හෙවනැල්ල
උඹේ පාලුව මැකුවා ..

මට වඩා හෙවනැල්ල
උඹට ලං වී තිබුණ..
ගොඩනගපු අතීතයෙ
පාදමම ඉරි තැලුවා...

මෙපමණක් කාලයක්
කඳු දැක්කා, කඳු නැග්ගා
අන්තිමම මොහොතෙ උඹ
කන්ද තනියම නැග්ග...

දුකක් නැහැ ඉතින් මට
පල්ලමේ මම හිටිය....

6 comments:

  1. හරිම ලස්සන පද ගැලපීමක් රවීන්.................. නියමයි......

    විරහා ෙව්දනාව කියන ප්‍රපංචය කවීන් දාහක් බිහිකරලා තියෙනවා කියන්ෙන් අැත්තක් රවීන්.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පවුරේ,,, මේක මට වුන දෙයක් නෙවේ හැබැයි..හන්තානේ ගත කරන අන්තිම කාලේ මට මේ වගේ සිද්දි දකින්න වුනා ... ඒකයි මේක ලියැවුණේ..

      Delete
  2. ඒවා අති සාමාන්‍ය දේවල් බං.. උඹට දුක හිතිල ඒකයි ඔය

    ReplyDelete
    Replies
    1. හික්ස්,, මේක මට වුනා නම් මම වෙන කන්දක් නගිනවා පල්ලමේ ඉන්නේ නැතුව... :D
      බොහොම ස්තූතියි පුළුවන් වෙලාවට පාලුවට ගිහින් තියෙන මේ අහිංසක බ්ලොගේ පැත්තේ එනවට,,,

      Delete
  3. කාඑකට පස්සේ ගින්දර කවි සැට් එකක් ලියලා තියෙන්නේ... එලෑ එලෑ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ... :D

      Delete