Monday, September 15, 2014
..පුරුදු උණුහුම ...
මේ කවිය ගැන කියන්න දෙයක් නෑ..
දැනෙන අයට දැනේවි... මට කරන්න පුළුවන් මෙච්චරයි...
(තව හරියටම මාස 3 යි දවස් තුනයි..)
හන්තාන කඳු වැටිය
මම කොහෙද අසාවිද ??
මහවැලිය කොඳුරමින්
පාලු යයි කියාවිද ?
මඟ හැරලා ගියෙ ඇයිද,
යළි යලිත් හිතේවිද ?
නුඹ පුරුදු උණුහුමෙම
තවත් ගුලි ගැහේවිද?
නොලියැවෙන කවි තවත්
සිහිනෙකින් දකීවිද ?
සිහිනයක රැඳුණු තතු
සොඳුරු කවි පද වෙයිද ?
කැමති ඇති උරුම නැති
තවත් අය හමුවෙයිද ?
පුරුදු උණුහුමෙම හිඳ
නැවත මා සොයාවිද ?
වරදක්ද නැද්ද බව
තව තවත් හිතාවිද
වෙනස් වෙනවද නැද්ද
හිතා සිත ලත වෙයිද ?
ඉඳහිට හො මගෙ සිසිල
හදවතට දැනේවිද ??
හුරු පුරුදු උණුහුමෙම
නුඹ තනිය විඳීවිද ??
Subscribe to:
Post Comments (Atom)
කවිය නම් නියමයි... ඒ කියන්නේ කැම්පස් අවුට් වෙන්න ලගද????
ReplyDeleteඔව්නේ.. මොකක් හරි විනාසයක් වුනේ නැත්තන් මේ දෙසැම්බර් වල අවුට් වෙනවා..
Deleteබොහොම ස්තූතියි කමෙන්ටුවට.. :)