Friday, November 4, 2011

විභාගය ......

පොඩි කාලේ කවුද මට කිව්වා
පුතේ හඳ ඉලක්ක කරපන්..
උඹට එතකොට 
තරු ළඟටවත් යන්න
පුළුවන් වෙයි කියලා....

ඉතින්

මම හඳ ඉලක්ක කරා
ඒත් මම ආවේ තරු ළඟට
මම කට්ට කෑවා ඇති තරම්
ඇත්තමයි!!!
ඒ තරු ළඟට යන්න නම් නෙවේ
හඳ ළඟටම යන්න

මොනවා කරන්නද ඉතින්
හඳට තව ගොඩක් දුරයි
පේන හැටියට නම් තව
ගොඩා...ක් දුරයි...

අවුලක් නෑ කියලා හිත හදාගන්න බෑ
මොකක්දෝ අවුලක් තියෙනවා..
හඳ ඈත පෙනෙද්දීත්
ඇයි මම තරු ළඟ නතර වුනේ??

මට පුළුවන් මෙච්චරදද???
මේ මගේ වාසනාවද???
එහෙමත් නැත්තන්.....

"මේ මගේ ඉරණම"ද?