Friday, November 28, 2014

අසනු මැන හන්තාන ....

වෙලාව උදේ 3.55 ..
ලබන අඟහරුවාදා final exam..
ඔලුවට දරාගන්න බැරි වැඩ කන්දක් ගොඩගහනකොට එක පාරට හිස් හැඟීමක් ආවේ..
ම්ම්ම්ම්.. කියාගන්න බැරි එකක්ද කොහෙද..
හන්තාන මොන තරම් රහස් දන්නවද..
මොන තරම් රහස් රකිනවද...
එකදිගට වහින මේ වැස්සට ඒ රහස් , මහවැලියට යනවා ඇති..



ඔව්..

මේ මම හන්තානේ ඉඳගෙන ලියන අන්තිම කවිය...
හන්තානෙන් මට ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි..


යන්න යමි නුඹව හැර බැඳීමක් නැති බැවින්
එළඹෙනා වසත් කල මම නැතුව ගත කරන්
හමනවිට මුදු සුළඟ පාළුවෙන් නොමහඬන්
වෙනත් අය හමු වේවි උන්ට මල් පිපීයන් ...

(ය,ව,හ,න් දෝෂය තියෙනවා. මට මොකද.. ඒක තිබ්බ කියල වෙනවා අවුල මම දන්නේ නැති නිසා මම ඒ ගැන හිතන්නේ නෑ )





2 comments:

  1. හන්තාන වට කරන් මුදු සුළන් හමාවි
    නුබේ සුසුම් වල පහස ඒ සුළගේ තියේවි
    බැදීමක් නැහැ කියා නුබ එහෙත් කියාවී
    සැබවින්ම එලෙසමද හන්තාන අසාවි.....

    වෙනත් අය මෙහි ඇවිත් විහිලු බස් කියාවි
    ඒ වදන් තුලින් මට නුබේ හඩ ඇසේවි
    නොම හඩන ලෙස ඉතින් නුබ කියාවි
    නොහඩන්න හැකිවේද හන්තාන අසාවි

    වසත් කල ඇවිත් යලි මුලුත් මෙහි පිපේවි
    මල් සුවද හා මුසුව නුබේ සුවද හමාවි
    යන්න යමි හැරදමා නුබ ඉතින් කියාවි
    සැබවින්ම යා යුතුද හන්තාන අසාවි

    ReplyDelete
  2. හන්තාන හැමදාම එදාමෙන් හිඳීවිද
    සඟවගත් රහස් මහවැලිය හට කියාවිද
    ඒත් සමහර රහස් හිත පතුලෙ හංගගෙන
    අපි ආයේ පැමිණි දිනයක මතක් කරාවිද.......

    ReplyDelete