Friday, September 21, 2012

අරගලය like කර share කරමු...





උඹටත් තිබුනා නම්
fb profile එකක්
උඹත්
ගෙදරට වෙලා ඉඳගෙන
අරගලයට like කරලා
share කරාවි නේද මල්ලි ....

අරගලය ගැන
අපේ එවුන්ටවත් නැති
"සංවේදීකමක්"
උඹට තියෙන එක ගැන
අපට මාර සතුටුයි මල්ලි...

අරගල වලට අපේ උන්ට
ගෙවල් වලින්
එන්න දෙන්නේ නෑ ලු
එහෙනම් උඹ ආවේ
ගෙදරට හොරා වෙන්න ඇති
නේද මල්ලි...

නැත්තන්

සමහර විට
උඹලගේ ගෙදර අයත්
අපේ ගෙවල් වල අය වගේ
"jvp කාරයෝ"
වෙන්න ඇති නේද මල්ලි....