Wednesday, January 14, 2015

පරිණත(ද?)





උදේ හිටියේ ලෙඩ්ඩු හතර පස් දෙනයි..
ඒ වැඩ ඉවර කරලා 12.00 වෙද්දී දවල්ට කෑවා..
12.00 ,පහු වෙලා 2.00ත් වුනා .. අද නම් වෙන කවුරුවත් එන පාටක් නෑ..

මේසෙට ඔලුව තියාගෙන පොඩි නින්දක් දාන්න හිතුවේ ඇස්සිටන්ට්ල දෙන්න තොර තෝංචියක් නැතුව දොඩවන ඕපදූප අහන් ඉන්න බැරි නිසාමයි..

වෙලාව 4.00 ...
නිකමට ඇහැරිලා බැලුව..

තාම චමිලා මිස්ගේ දෙඩවිල්ල නැවතිලා නෑ.. එයා මයිත්රීට .. කරුණා මිස් මහින්දට..
ඒ දෙන්නගේ වාදේ හෙනම බොළඳයි කියල හිතුනත් මම මොනවත් කියන්න ගියේ නෑ..
මට පුළුවන්ද ඔය මතයක් වෙනස් කරන්න ??

එක පේෂන් කෙනෙක්වත් නැතුව පැය හතරක් ගිහින්..
කරන්නම දෙයක් නැති නිසා රිච්මන්ඩ් හෝටලේට ගිහින් ටී එකක් බීල බනිසක් ගිල්ලා..
මොනවා වුනත් තනියම කාල බීල එන ඒක හොඳ නෑ ..

මට දෙන්නකෝ තව බනිස් දෙකක් අරන් යන්න 

මහත්තය බනිස් නම් තව එකයි තියෙන්නේ...

එහෙනම් ඔය ජෑම්පාස් දෙකක් දෙන්න...

ඒවා ටිකක් හයියයි වගේ නේ මහත්තයා.. උදේ ඒවානේ.. හවස මාළු පාන් දෙන්නද??

හා එහෙනම්..
(ඕන මඟුලක් )

පේමන්ට් එක දිගේ ඇවිදගෙන එනකොට යාචකයෙක්...

ඔය වැඩිපුර තියෙන ඒවායින් කීයක්‌ හරි දෙන්න මහත්තයෝ..


කාටද ඇත්තට මේ ලෝකේ වැඩිපුර තියෙන්නේ ??
තියෙන එවුන්ට එක්කෝ ඇති.. එක්කෝ මදි... වැඩිපුර??
එහෙම මිනිස්සු ඉන්නවද ??

........................................................................................................................

ක්ලිනික් එකට ඇවිත් මාළුපාන් දෙක චමිලා මිස්ට  දීල පුටුවට හේත්තුවක් දැම්ම..
එතකොටම සුදු පටියක් ඇඟ හරහට දාගත්ත පොලිස් මහත්තයෙක් ඇවිත් එබුනා ...

දොස්තර මහත්තය ඉන්නවද දන්නේ නෑ??

ඉන්නවා... එන්න ඇතුලට..

මොකද්ද ප්‍රශ්නේ..

මේ... මගේ දත් ටික පොඩ්ඩක් සුද්ද කරගන්න ඕන.. 
කීයක්‌ විතර යනවද කියල දැනගන්න ආවේ..

කෝ කට අරින්න බලන්න ..
බුලත් කනවද,, සිගරට් බොනවද..

ළඟදී බුලත් නම් කෑවේ නෑ.. (ඒ කියන්නේ  සිගරට් නම් බොනවා )

මෙහෙමයි.. මේ ටික කරන්න නම් XXXX වගේ ගානක් යනවා.. 

හ්ම්ම් එහෙමද.. දැන් නම් සල්ලි නෑ නේ..

මම කල්පනා කරා..
කමක් නෑ වාඩි වෙන්නකෝ..

........................................................................................................................

හරි එහෙනම් දොස්තර මහත්තයෝ.. මම පස්සේ සල්ලි ගෙනත් දෙන්නම්.. කීය වෙනකන් ඉන්නවද ??

මම නම් 5.00 වෙනකන් ඉන්නවා මෙතන.. 
(සල්ලි ගන්න ඕනද නැද්ද.. මට හිතාගන්න බෑ )

5.00 වෙනකන් නේද.. 
ම්ම්....
හරි මම මහත්තය හිටියේ නැත්තන් මේ මිස්ට හරි ගෙනත් දෙන්නම්කො.. 
මිස් ඉන්නවනේ මෙතන.. 
යන්නම් එහෙනම්...

ඔය බොරු ඩොක්ට කියන්නේ..
එක දවසකුත් ආවා.. ගාන අහන්න ..
මට කිව්වා , මේවා හරි නම් ඔයාල අපට නිකන් කරන්න ඕන කියලා...
ඉතින් මම කිව්වා එහෙනම් ඉරිදා දවසක එන්න කියලා..
ඕන ඔට්ටුවක්... ඔය මනුස්සය සල්ලි ගෙනත් දෙන්නේ නෑ..

ආයෙමත් චමිලගේ දෙඩවිල්ල...

වෙන පේෂන් කෙනෙක් ආපු නිසා මගේ අවධානෙ ඒ පැත්තට ගියා...

........................................................................................................................

4.45.. මම හිටියේ දතක් පුරවන ගමන්...
කෙනෙක් ඇවිත් දොරෙන් එබුනා..

ඒ අර ට්‍රැෆික් මහත්තය ..

ඩොක්ට මෙන්න මම සල්ලි ගෙනාව..  XXXX නේද.. මෙන්න...

නෑ නෑ සල්ලි ඕන නෑ.. 
(ඒක කිව්වේ හිතලද නැද්ද කියල මම දන්නේ නෑ..)

එහෙම හොඳ නෑ නේ.. මේක ගන්න..

නෑ නෑ .. ඕන නෑ.. ඕක මොකද්ද..
මම හිනා වුනා..

හරි එහෙනම්.. 
බොහොම ස්තූතියි දොස්තර මහත්තයෝ.. මම යන්නම්..

මම චමිලා දිහා බැලුවා..

චමිලා අහක බලාගෙන TF අනනවා...

ප.ලි
(TF= තාවකාලික පිරවුම් )

16 comments:

  1. අපි ගොඩ්ක් මිනිස්සු දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ එකම රාමුවක ඉදන් හන්දයි ගොඩක් වෙලාවට අපිට සමහරු අඳුන ගන්න බැරි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... ඒත් සමහර වෙලාවට ඒ රාමුවෙන් පිට හිතන්න ගියොත් අපි අමාරුවේ වැටෙන වෙලාවලුත් තියෙනවා..
      :(

      Delete
  2. උන් ඔහොම තමයි...... පුළුවන් නම් අපෙත් දතක් ගලවන්යයි.............

    ReplyDelete
    Replies
    1. කාගේහරි ගලවපු දතක් තමයි මම හිතන්නේ..
      එක පාරට සල්ලි හොයන් ආවේ කොහොමද දන්නේ නෑ නේ.. :D

      Delete
  3. හ්ම්ම්... මොනවා කියලා කමෙන්ට් කරන්නද මන්දා...

    ReplyDelete
    Replies
    1. මටත් තාම හිතාගන්න බෑ අයියේ.. :/

      Delete
  4. අපරාදෙ! එකෙන්ම සල්ලි එපා කිව්ව නං අහිංසකයෙක් බේරෙනව නෙව!

    ReplyDelete
    Replies
    1. :/ එහෙම බේරෙයි කියලම කියන්නත් බෑ.. කොහොමත් ඒ සල්ලි හොයාගන්නවා නේ.. :D

      Delete
  5. වැඩිපුර තියෙන්නෙ කාටද නැත්තෙ කාටද කිය කිය හිත හිත ගියා විතරද ඒ මනුස්සයට කීයක්වත් දුන්නේ නැද්ද?? :D

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.... මම අමාරුවෙන් හම්බ කරගත්ත දෙයක් ලේසියෙන් මගෙන් ගන්න බෑ නංගි...:D
      දෙනකොට අත දිගෑරල දෙනවා (ලැබිය යුතු කෙනෙක් නම් )..
      දෙන්නේ නැත්තන් නෑ ම තමයි..
      නිකන් වාඩි වෙලා ඉන්න මිනිස්සුන්ට දෙන්න සල්ලි නෑ මගෙ ගාව...

      Delete
  6. ඔයා කරේ වැරදි වැඩක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... වෙන්න පුළුවන්.. මට තාම ඒක ගැන අදහසක් නැහැ හරියටම.. අටම්පහුර එහෙම කියන්න හේතුව කියන්න පුලුවන්ද ??

      Delete
    2. හේතු දෙකක් තියනව

      1 එයාල කවදාවත් සල්ලි දීලා වැඩක් කරගන්න අය නෙමෙයි මොන ක්‍රමයකින් හරි නිකම්මයි කරගන්ඩ බලන්නේ

      2 නැති බැරි අසරනම කෙනෙකුට ඇරෙන්න නිකං මොකවත් කරන්න වත් දෙන්නවත් නරකයි , ඒකෙන් වෙන්නේ එයාටවත් අපිටවත් සමාජයටවත් හොදක් නෙමෙයි

      Delete
    3. ඔව් ඒකනම් ඇත්ත .. මම අටම්පහුර මේ කියන දේ පිළිගන්නවා.
      දන්නේ නෑ එවෙලාවේ සල්ලි නොගන්න හිතුනේ ඇයි කියලා..
      එවෙලාවේ ගත්තා නම් හිතෙයි ඇයි ගත්තේ කියලා..
      කතාවේ මාතෘකාව යෙදුවේ මේ ප්‍රශ්නය ගැන සලකලා බලලා ..
      බොහොම ස්තූතියි අදහසට..

      Delete
    4. නැති බැරි අසරන මිනිහෙකුට නිකං කරනවට වඩා පොලිස් කාරයෙකුට නිකං කලාම කොයි වෙලේ හරි උදව්වක් ගන්න පුළුවන් වගේ යටි දහසක් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්තං පොලිස් කාරයෙක්ගෙන් සල්ලි ගන්න බයක් වගේ දුර්වලකමක් තිබුනා වෙන්නත් පුළුවන්.

      Delete
    5. ඔව්.. ඔය අදහස් දෙකත් පිළිගන්න වෙනවා මට.. මොකද වෙන පැහැදිලි හේතු නෑ මට ..

      Delete