Sunday, July 13, 2014

Room No 20

අපේ රූම් එක ඉස්සරහ රූම් එකට අලුතෙන් ආවේ AHS ෆැකල්ටි එකේ මල්ලිලා වගයක්..
උන් තාම 1st year.. ඒ කියන්නේ 12 බැච් එකේ..

සාමාන්‍යයෙන් අපි ඉන්න MARRS හෝල් එකට දාන්නේ අන්තිම අවුරුදු වල ඉන්න එවුන් විතරයි..
ඒත් අපේ කරුමෙට මේ පාර අපේ සබා මේ පොඩි එවුන් රොත්තක් ගෙනල්ල දාල..

මෙතැනදී කරුමේ කියල සඳහන් කරන්න විශේෂ හේතුවක් තියෙනවා..
මේ හොස්ටල් එක හෙනම නිස්කලංක ප්ලේස් එකක්.. අන්තිම අවුරුදු වල එවුන් පිස්සු නටනවා අඩු නිසා ගොඩක් වෙලාවට පාඩම් කරන්න හොඳ තත්ත්වයක තියෙන හොස්ටල් එකක්..

ෆස්ට් ඉයර් එවුන් ආවම ඒ ගතිය නැති වෙනවා..උන්ගේ සද්දේ නිසා.. :D




කොහොම වුනත් අපට මේ ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙලා දැනුනා..
ඒකට හේතුව මේ අපේ රූම් එක ඉස්සරහට සෙට් වුන මල්ලිලා මුස්ලිම් අය වුන නිසා..

මෙහෙමයි...
උන් මුස්ලිම් වුන එක නෙවේ අපේ  ප්‍රශ්නේ..
කතා කරන්නේ දෙමළ වුන එකත් නෙවේ...

අපේ ප්‍රශ්නේ වුනේ උන් රූම් එක ඇතුලේ වුනත් අල්ලපු රූම් ගානක් ඈතට සද්දේ ඇහෙනකන් කතා කරපු එක ... (සාමාන්‍යයෙන් දෙමළ අය ගොඩක් සද්දෙට කතා කරනවා නේ )

මුලින් හොඳින් කිව්වා... දෙතුන් පාරක් සද්දේ අඩු කරන්න කියලා...
ඊට පස්සේ දවසක් දෙකක් යනකන් සද්දේ අඩු වෙනවා..
ඊට පස්සේ ආයිත් මුන්ට මතක නෑ...
ඉතින් ඊළඟ වතාවල් වල හොඳට ඇමතුවා... ඒත් ටික දවසකට විතරයි ප්‍රථිපල..

මොනවා වුනත් , අපි බැන්නත් මුන් කොහේදී අපිව දැක්කත් හෙනම අහිංසක විදියට හිනා වෙනවා..
තරහ වුන බවක් පෙනුනේ නම් නෑ...

අපටත් ඉතින් වැඩේ ඇති වුනා.. අනුවර්තනය වෙන්න හිත හදාගෙන ඔහේ හිටියා.. උන් එක්ක කිසිම ගනු දෙනුවක් තියා ගන්නේ නැතිව...
(සාමාන්‍යයෙන් හොස්ටල් වල එක ළඟ රූම් දෙකේ ගොඩක් ලොකු ෆිට් එකක් හැදෙනවා.. ඒත් අපේ එහෙම වුනේ නෑ..)

ඒත් අද......

මමයි රූමයි රූම් එකේ වල් පල් කියව කියව ඉන්නකොට අපේ දොරට එකෙක් තට්ටු කරනවා...

Excuse room no 20...
බයෙන් බයෙන් වගේ තමයි කතා කරේ...

දොර ඇරගෙන වරෙන්... අපි ඇතුලේ ඉඳං කිව්වා..

ආවේ එහා රූම් එකේ මල්ලිලා..
උන් රඹුටන්, වෙරළු පිඟානක් අරන් ඇවිල්ලා...
මදිවට තඩි රට ඉඳි පාර්සලෙකුත් !!

අහිංසක විදියට හිනා වෙලා උන් ඒක දුන්නා...
මේ දවස් වල අපේ ෆාස්ටින් නේ අයියා.. එකෙක් හරි අමාරුවෙන් සිංහල ගැටගහගෙන කිව්වා..

ඉතින් අපට මේවා දෙන්නේ ඇයි??
මට අහන්න හිතුනා... ඇහුවේ නෑ.. මගේ වචන හිර වෙලා..
(ඇයි ඉතින් අපි සතියකට දෙතුන් පාරක් බනින එවුන් අපට කෑම ගෙනත් දුන්නම කොහොමද දැනෙන සනීපෙ ??)

තව මොකද්දෝ රාමදාන් ගැන එකක් කිව්වා.. ඒක තේරුනේ නෑ..
තේරුන් නැත්තේ උන්ගේ සිංහල අවුල් නිසාද මගේ හිත අවුල් නිසාද කියල මම දන්නේ නෑ..

මොනවා වුනත් උන් අහිංසක විදියට හිනා වෙලා ගියා මට මතකයි...

උන් ගියාට පස්සේ මට පට්ට අවුල්..
උන්ගේ ෆෙස්ටිවල් දවසට අපිත් මොනවා හරි දෙන්න මායි රූමයි ඒ වෙලාවෙම තීරණය කරා..


මට මම ගැන ලජ්ජා හිතුනා... මොනවා වුනත් මම කලින් ඉගෙනගෙන තිබ්බ ඒත් කාලෙත් එක්ක අමතක වෙලා ගිය පාඩමක් මට ආයිත් මතක් වුනා...


මේ දවස මට මතක තියෙන්න ඕන නිසා මේක ලියල දැම්මා...







21 comments:

  1. ඉතින් උඹලත් උන්ට මොනා හරි දුන්නයි ඊට පස්සේ??

    කොහොම වුනත් උන්ගේ ඔය වගේ හොද ගති ගුණත් තියෙනවා මචං..

    ReplyDelete
    Replies
    1. අපි ගාව ඊයේ දෙන්න දෙයක් තිබුනේ නෑ අයියේ..
      ඒත් 29 වෙනිදට මොනවා හරි දෙන්න හිතන් ඉන්නේ අපි...

      Delete
  2. මුලින් ම කළ යුත්තේ ඔය මල්ලී කෑල්ල නැතිකර ගැනීමයි. ඒ ඇමතීම හයිරන්කාර අධිපතිවාදී එකක්. නමෙන් හඳුණාගෙන නමෙන් අමතන්න.

    ඔවුන්ටත් ඔය අයියා කැල්ල අමතක කර නමින් අමතන්න් කියන්න. අයියා කීම බලුගැත්තරකමක්.

    එවිට සමානාත්මතාව ඇතිවේවි.

    මගේ බ්ලොග් එකේ මා මේ ගැන දෙවරක් ලියා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. කාලෙත් එක්ක අපේ ඔලු ඉදිමෙනවා අපි දන්නෙම නැතුව.. මේ වගේ සිද්දි වලින් ඒක අපට මතක් කරලා දෙනවා..බොහොම ස්තූතියි .. පුළුවන් නම් මේ ගැන ලියපු ලිපි වල ලින්කු දෙනවද..:)

      Delete
    2. බොහොම ස්තූතියි...

      Delete
    3. කකා මේ විදියට ලින්ක් දාන හැටි මට කියල දෙනවද?

      Delete
  3. බෝම හොදයි.. පාඩමක් ඉගෙනගත්තනං

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඉගෙන ගත්තා කියල හිතුනා මට.. ඒකදිගටම තියාගන්න ඕන,,,

      Delete
  4. වැඩේ කියන්නෙ අද ඉන්න 16-17 එවුන්ට ඔය පාඩම කියල දෙන්න කෙනෙක් නැති එක... අපිට ඒ කාලෙ ඔය පාඩං කියල දුන්න අයම අද ඒ ළමයින්ගෙ ඔලුවලට එහා රෑම් එකේ ඉන්න එවුන්ට ගහන්න උගන්නනවා...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත... අද ඉන්න මිනිස්සුන්ව වෙනස් කරන්න අපට බෑනෙ.. කරන්න ඕන අපි හොඳ විදියකට වෙනස් වෙන එක තමයි ඉතින්..

      Delete
  5. අද කරදරය හෙට සුන්දරය

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. මෙහෙම දෙයක් වෙනකන් කල්පනා වුනේ නෑ අපි වුනත් ෆස්ට් ඉයර් එකේ ඔය වගේ තමයි කියල.... :/

      Delete
  6. සද්දෙ නං අවුල් තමා. ඒත් උංගෙ ෆෙස්ටිවල් දවසට දෙන්න හිතාගෙන ඉන්නදේ අමතක නොවෙයි කියල පතනව

    ReplyDelete
    Replies
    1. අමතක වෙන එකක් නෑ අයියේ...මොනවා හරි කරනවා අපි.. ස්තූතියි ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවට... :)

      Delete
  7. හෙහ් පුදුමයි... කෑගහලා කතා කරන සීන් එක නම් බහුතරයකට තියෙන ගතියක් මං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. විශේෂයෙන් දෙමළ අය කොහොමත් එහෙමයි නෙ... අපි ෆස්ට් ඉයර් එකේදිත් ඔහොමම තමයි.. දැන් ඔලුව ඉදිමිලා හිටියට... :/

      Delete
  8. අපි හොස්ටල් ඉන්නකොට අපේ රූම් එකට එහා රූම් එකේ හිටියෙත් tamil සෙට් එකක්.. එයාලගෙන්නම් අපිට මුකුත්ම හම්බ උනේ නෑ සද්ද පූජාව ඇරෙන්න...
    අන්තිමේදි හිත හදාගත්තේ අඩුමගානේ එයාල අපිට ඉවසීමයි මයිත්‍රියයි පුරුදු කරනවානේ කියල හිතලා ... :D

    ReplyDelete
    Replies
    1. අපිත් හිත හදාගෙන තමයි හිටියේ නංගි.. කොහෙද ඉතින් එක පාරට හෙන ගැහුවා වගේ මෙහෙම දෙයක් වුනා නෙ.. :D
      අද නම් සද්දෙත් අඩු වෙලා..

      Delete
  9. අපි ෆස්ට් ඉයර් කාලේ හිටපු රූම් එක වටේටම හිටියේ මුස්ලිම් අය. ඒ දවස්වල අපි ඒ කලාපයට නමකුත් දාලා තිබුණා. ඒ මදිවට ආට් එකේ ළමයි. එයාලා කෑ ගහන්න තෝර ගන්නෙම අපිට එක්සැම් එකක් කිට්ටු කරලා. ඉතින් අපිත් ඒ දවස් වල හරිම සතුටෙන් හිටිය සද්දේ ඉවස ගන්න බැරුව. අන්තිමට අපිත් දැඩි පියවරක් ගත්තා. දැන්නම් මතක් වෙද්දීත් හිනා.

    තමන්ට කවුරුහරි හේතුවක් ඇතුව හෝ නැතුව බනිනවානම් ඒ කෙනාට රිද්දන්න පුළුවන් හොඳම විදියක් තමයි ඒ ගොල්ලෝ අනුගමනය කරලා තියෙන්නේ. මමත් "අපිත්" ඒ ක්‍රමය ඉතා සාර්ථකව අත්හදා බලල තියෙනවා. ඒ සතුට අත්විඳලා තියනවා. කාටවත් වැරද්දක් කරලා නැත්තම් බය වෙන්න වගේම හිත රිද්දගන්න තියන ප්‍රමාණය හරිම අඩුයි.

    පොස්ට් එකේ තියන විදියට නම් අපි ඒකෙ අනිත් පැත්ත. වෙලාවට අපේ එහා රුම් එකේ අය බ්ලොග් ලියන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. හික්ස්... මට හිතා ගන්න පුළුවන් ඔයාලගේ එහා පැත්තේ රූම් එකට කොහොම ඇත්ද කියල නම්..

      එක්සෑම් එකක් කිට්ටු කරලා කෑ ගහන්න ගත්තොත් නම් අපිත් දැඩි පියවර ගන්නවා ඉතින්..:D

      Delete