ඒකට ගොඩක්ම හේතුව මම හිතන්නේ මේ වචන සෙට් එක ඕන ඕන වෙලාවට ඕන ඕන විදියට වෙනස් කරන්න පුළුවන් නිසා වෙන්න ඕන.. (නැත්තන් මම ලියන ඒවා ප්‍රාථමික කවි නිසා වෙන්නත් පුළුවන්..)
ඉර, හඳ සහ තරු ........
සම්මත පෙමක් ගැන කියන්න ඕන නම් මම ඉරෙන් හඳට එළිය දෙන එක හයිලයිට් කරනවා...
ඒක පොඩ්ඩක් රස කරන්න ඕන නම්, හඳට ඉරෙන් එළිය හම්බෙනවා කියන එක හඳ දන්නේ නෑ කියල මම කියනවා..
ඒවගේම කවදාවත් එක් වෙන්න බැරි දෙන්නෙක් හරි නොගැලපෙන දෙන්නෙක් ගැන හරි කියන්නත් මේ දෙන්නව ගන්න පුළුවන්..
ඉර සැරයි, හඳ අහිංසකයි.. ඒ වගේම ඉරයි හඳයි ගොඩක් දුරින් ඉන්නේ... ලංවෙන්න අමාරුයි..
තව හේතු වෙන අයට හිතෙන්න පුළුවන්...
ඉරයි හඳයි අස්සට ඔය චූටි චූටි තරු කැට දෙක තුනක් එබුවම තව කතාවක් හැදෙනවා..
හැබැයි ඉරෙයි හඳෙයි ආදර කතාවට තරු ආවම ඒක ටිකක් හරි මදි වගේ... ඒවුනාට මරු...
ගහක මල් පිපිලා සින්දුවේ ඉරයි තරුයි අතර සම්බන්ධයක් ගැන කියන නිසාම ඒක gay සින්දුවක් විදියට සමහරු හඳුන්වනවා...( ඒකෙ නිධාන කතාව විදියට මම අහල තියෙන්නෙත් එහෙම සීන් එකක් වුනාට මම නම් ඒක එහෙම හිතන්න කැමතිම නෑ )
ආ.... අමතක වුනානේ ඔය අස්සට හුළගෙ පා කරපු වලාකුලක් එහෙම ඔබල හඳ වහල දැම්මම අමුතුම ගතියක් තියෙනවා..
මීට අමතරව ඉරයි හඳයි අල්ලලා කතා කරන්න පුළුවන් තව කතා තියෙනවා.. ඒ ඔක්කොම කියන්න නෙවේ නේ මම මේක ලියන්නේ...
මල්, බඹරු සහ සමනල්ලු ගැනත් ඔහොම එක එක පැත්තට හරවල කතා හදන්න පුළුවන්.. විශේෂයෙන් ඔය එක මල් ජාති ගැන එහෙම, උන්ගේ ආවේණික ලක්ෂණ එහෙම උලුප්පල මිනිස්සුන්ව පිස්සු වට්ටන පාවිච්චි කරන්න පුළුවන්...
(මේක අනවශ්‍ය විදියට දිග වෙනවට මම කැමති නැති නිසා ඒවා ලියන්නේ නෑ..)
මල් සහ බඹරු ගැන සුරංග ලක්මාල් අයිය ලස්සනට ලියල තිබුන...
මල් ගැන ගැන සුපිරිම කවි පෙළක් මම දන්න නංගි කෙනෙක් ලියල තිබුන...
(එයාගෙන් අහල එයා කැමති වුනොත් ඒකත් කමෙන්ට් එකක් විදියට දාන්නම් )
මේ විකාර කියන්න හිතුනේ අද අමුතු දවසක් නිසා...
හඳයි ඉරයි මෙච්චර දවස් මට පෙන්නුව ආදර කතා වෙනුවට අද වෙන අමුතු කතාවක් මට පෙන්නුවා .. හැබැයි ඒකෙ අවසානේ නං සුන්දර නෑ තමයි...
ඒත් ඔහොම ඒව ඉතින් මේ ලෝකේ කොච්චර වෙනවද..මොනවා වුනත් ඔය යස අගේට ඉර පායන්නේ ඉතින්...නේද ??
මේක ලිව්වේ වෙන මොනවටවත් නෙවේ ...
ඔය ඉරෙයි හඳෙයි ආදර කතාව නිසා මටත් අද තරු කැටයක රස බලන්න ලැබුනා.. (ඉරයි හඳෙයි කතාව බලන ගමන් තරුවක රස විඳින මම මොකෙද්ද කියල අහන්න එපා... මමවත් ඒක දන්නේ නෑ )
ඉතින්...
ඒ අමුතු දවස මට මතක තියෙන්න ඕන කියල මම හිතුවා ..
සඳුට හිරු රැස්
මදියි වෙන්නැති
සිටියි පෙන්වා
රළු හිතක්...
එහෙම නැති නම්
දන්නවා ඇති
අවසානයේ වන
බව දුකක්...
දිවා රෑ නිති
සිහින මැව්වත්
ඇය කෙරේ
ඔහු මහ ගොඩක්
ඇයට ඔහු ගැන
සිතක් නම් නැහැ
කිව හැකිද
ඇය හට දොසක් ??
කතාවේ අගක් මුලක් දන්න එකෙක් විදියට මට අන්තිමට මේකත් ලියවුනා ...
අමුතු දවසක
මිලින වුනිදෝ
පිපෙන්නට වෙර
දැරු මලක් ??
හැබැයි මෙහෙම නොවේවා කියන එක තමයි මගෙ ප්‍රාර්ථනාව ...
එහෙම නැති නම්
දන්නවා ඇති
අවසානයේ වන
බව දුකක්...
දිවා රෑ නිති
සිහින මැව්වත්
ඇය කෙරේ
ඔහු මහ ගොඩක්
ඇයට ඔහු ගැන
සිතක් නම් නැහැ
කිව හැකිද
ඇය හට දොසක් ??
කතාවේ අගක් මුලක් දන්න එකෙක් විදියට මට අන්තිමට මේකත් ලියවුනා ...
අමුතු දවසක
මිලින වුනිදෝ
පිපෙන්නට වෙර
දැරු මලක් ??
හැබැයි මෙහෙම නොවේවා කියන එක තමයි මගෙ ප්‍රාර්ථනාව ...
එසේ නොවේවා....
ReplyDeleteස්තූතියි.. :D
Deleteඑහෙම නැති නම්
ReplyDeleteදන්නවා ඇති
අවසානයේ වන
බව දුකක්...
හේතුව මේක වෙන්ට ඇති...
මටත් එහෙම හිතෙනවා දැන් නම්...
Deleteහිරු රැසින්
ReplyDeleteවෙහෙස වී
සඳ අන්න
සැඟවිලා
තරු එක්ක
මල් එක්ක
කී කතා
ගොළු වෙලා
සඳ ආයේ
නොපෙනෙන්න
ආවොතින්
හිනැහිලා
හිරු ආයෙ
හිනැහේවි
පිනි කඳුළු
වියළලා
තැන්කු ගොඩක්... කවි ටික ලස්සනයි නංගි... ඒත් හඳ ලයින් දෙද්දී ඉර වුනත් තවත් ඉවසන එකක් නෑ ඉතින්...
DeleteThis comment has been removed by the author.
Delete