Wednesday, April 16, 2014

විකාර (ද?) :p



ලියන්නට අකැමතිම
ඒ වුනත් බලෙන් ලියැවෙන
පද කිසිත් නොගැලපෙන
නොලියැවෙන කවිය නුඹ...

දකින්නට කැමති මුත්
හැමවිටම නොදකින
එහෙත් ඉඳහිට පෙනෙන
අළු පාට සිහිනය නුඹ

නොගැලපෙන කවි ලියා
අළුපාට හීන බලා
ලෝකෙම අමතක කරන
අමුම අමු මෝඩයෙකි මම      :p


11 comments:

  1. කොච්චර අමතක කළත්
    යළි යළිත් මතක් වෙන
    නුඹෙ ලොවෙන් එලෙව්වත්
    යළි බලෙන් ඇතුල් වෙන

    විටෙක රහසින් ඇවිත්
    කවි හිතම පුබුදුවන
    යළි පැමිණ හී සරෙන්
    එ'සිත මළගම යවන

    අළු පාට හීනයත්
    නොලියැවුණු පද පෙළත්
    පරිස්සම් ඇති තැනක
    නිදන් කර තබනු මැන.....

    ReplyDelete
    Replies
    1. හා හා.. මේක මරු.. ඔයාගේ කවි වලින් මම කැමතිම එකක් විදියට මේක නම් කරනවා මම !!! :D

      Delete
  2. ඕකට කියන්නේ ආදරය කියලා රවීන්..................

    ඕක මෝඩ කමක්මයි කියලා මට කියන්න බෑ. හැබැයි එහෙම නෙමෙයිමත් නෙමෙයි...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට...
      ම්ම්ම්... ඒක ඇත්ත.. මෝඩකම ගෑවිලා වගේ හරි තියෙනවා මේකේ.. :D

      Delete
  3. මොන විකාරද? ලවු මිසක..

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඒක තමයි.. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ..

      Delete
  4. අන්තිම පදේ ලස්සණයිනේ? :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. :D
      මමත් ආසම පදේ ඒක තමයි... :D

      Delete

  5. කල්පනාවට වැටෙන
    අමුතු ලෝකෙක රැඳෙන
    මෙයයි සිත, මිතුර
    දුර ඈත නිතර යන...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒකනම් ඇත්ත..
      බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට කැස්පර්.. :)

      Delete