Friday, April 25, 2014

෴ බට වැනුම ෴



01.
දුම්කොළ පුරවලා තිබෙනා බටයක්ය
එහි අග තියෙනවා පෙරෙන්න ෆිල්ටරය 
බොන කල කර වෙලා ගිහිල්ල ඉහ මොළය
දෙන්නේ අපට සුර ලොව ඇති ආතල් ය... 

02.
ගෝල් ලිෆ් විසි අටකි ඩන්හිල් තිස් පහකි 
මල්බොරෝ, කඩේ මිලදී ගන්නට නොහැකි
බීඩි වගේ නොව මේ බට උරතහැකි
හැබැයි මලක ඇති සුව නම් නැති සෙයකි....

03.
බ්‍රෑන්ඩ් එක අනුව සැර විවිධත්වෙන් යුතුය
මින්ට් එක තිබුනොතින් දැනෙන්නේ සිහිලසය
කැටයම් දමාලා දෙන මේ දුම්කොළ ය
උරමුකො හැඩට පිටකරලා දුම්ගුලිය... 

04.
අරක්කු බියර් තොල ගානා වෙලාවට
බටයක් හෙමි හෙමින් පපුවට උරනවිට
වෙරි තියෙනවා නේ නොබැසම එක දිගට
එබැවින් බොමුය බටයක් ඒ වෙලාවට

05.
තනිකම සීතල මකන්න දිව ඔසුවක්ය
දුක හිතෙනා විට බොන්නට කදිම දෙයක්ය
එහෙම කියල හේතු හදා ගෙන  බොන්නෙමුය
බොන්නේ නොමැති නම් ආතල් නෑ බොට, සොරි ය

06.
හිතේ තියෙන ප්‍රශ්න ගොඩක් අමතක වෙන්න 
ඇඟට පතට දැනෙන වෙහෙස නිවා දමන්න 
පුරුදු වුනොත් දුම් අරගෙන පපුව නිවන්න 
අවුලක් නෑ  හැකිවනු ඇත සතුටින් ඉන්න  

07.
දුම් ඇද්දම පෙනහළු පිළිකා එනවා  
ඒබව නොදන්නේ නැති මුත් තවබොනවා
බිව්වත් නැතත් මරණය කාටත් එනවා
එබැවින් ඒවා නොහිතාලා අපි බොනවා ....

අවසාන වශයෙන්....

මේ ලෙස ගහන බයිලා පිලි ගන්න එපා
කිසිදා නුඹේ දිවියට දුම ගන්න එපා
උණුහුම සතුට ඝන දුමකින් සොයනු එපා
දැන දැන වලේ වැටිලා දුක් විඳිනු එපා....







10 comments:

  1. අන්තිම එක දැක්කේ නෑ...

    ReplyDelete
    Replies
    1. අපරාදේ.... ඒක බලන්නම වටින එක නේ... :O

      Delete
  2. පළමුවෙන් ම කොන්ද කෙලින් තියාගෙන මේ විදිහේ දෙයක් ලියන්න තිබුණ පිරිමිකම වෙනුවෙන් අපේ ප්‍රණාමය රවීන්.

    ඉහත ඔබ විසින් දැක්වූ සියල්ල ම සත්‍යයක්. මේ හැදින්වීම් ඔස්සේ ගියාට ඇත්තට ම ඒ තුළින් ලැබෙන දෙයක් නැති තරම්. සිගරට් එකට ඇබ්බැහි වෙනවා කියනවාටත් වැඩිය අපි ඒකට ඔස්සේ යම් හුරුවූ වෙලාවක් ගත කර ගන්නට යන එකයි වෙන්නේ. ඇබ්බැහි වෙන්න නම් අපි ඒකෙන් ලබා ගන්න දෙයක් තියෙන්නට ඕනේ. ඒත් සිගරට් බීමෙන් වෙන්නේ අපි විසින් හුරු කරගත්තු දෙයක් නැවත නැවත කිරීමක් පමණයි. ඒ නිසා අපි ඒ වෙලාවට ඒකට යොමු වෙනවා.

    ඒ කියන්නේ අපිට මේ දේ තේරුම් අරන් ඒක හදාගන්න පුළුවන්. ඒ වගේ ම මේකේ තියෙන කායික විද්‍යාත්මක පැත්තත් මේ සංවාදය තුළින් දිග හැරුණොත් හොදයි කියලා අපි හිතනවා. අනික මේක සිගරට් වලට විතරක් සීමා නොවී කතා කරනවානම් තවත් හොදයි.......

    ReplyDelete
    Replies
    1. සිගරට් බොනවා කියන එක උත්තරයක්‌ නෙවේ..
      ගොඩක් වෙලාවට එක එක හේතු හදාගෙන එකක් දෙකක් බිව්වම දන්නෙම නැතුව ඇබ්බැහි වෙනවා..
      බොන හැමෝම දන්නවා හොඳ නෑ කියල නම්..
      බද පිරෙන්නෙත් නෑ.. මත් වෙන්නෙත් නෑ..
      ඒත් ඉතින් බොනවා..

      මේක ලොකු මාතෘකාවක්.. සරලව ආතල් එකේ කිව්වට, ඇත්තටම ලොකු කතාවක්..
      ලොකු සංවාදයක් ගොඩ නගන්න තරම් මගේ මේ පුංචි බ්ලොග් එක ප්‍රමාණවත් මදියි..
      ඒත් එහෙම සංවාදයක් ගොඩ නැගෙනවා නම් මමත් කැමතියි..

      බොහොම ස්තූතියි ඔබේ වටිනා අදහසටත් ඒ වගේම වැඩ අස්සේ මගේ පුංචි මොන්ටිසෝරියට ගොඩ වෙලා ලබා දුන්න දීර්ඝ කමෙන්ට් එකටත්... :)

      Delete
  3. 'බිව්වත් නැතත් මරණය කාටත් එනවා'
    එදා ඉදලා කිව්වෙම ඔය මෝඩ කතා
    අවසානෙටම කිව්වත් දුම ගන්න එපා
    ආදර්ශය වටිනවා අවවාදයට වඩා.... o.O

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත නංගි... අවවාදයට වඩා ආදර්ශය තමයි උතුම්... :)

      Delete
  4. කවියක් නම් ලියවුණේ නෑ. ලියවෙන්නේ නෑ මේ දවස්වල.කවියක් ලියන්න තරම් මේ සබ්ජෙක්ට් එක ගැන දන්නෙත් නෑනේ.

    කවි ටික එළ. ඒත් අර මම කියපු විදියට දුමෙන් තොර දවසක් එයි කියලා මම බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. එහෙම දවසක් එනවා නම් මමත් කැමතියි නංගි.. තැන්කු කමෙන්ට් එකට..

      Delete
  5. නියම කවි සෙට් එක !

    ReplyDelete