Monday, March 17, 2014

නිහඬ...



අහසෙ ඉර ඇති සුළඟ තෙත නැති
ඒත් සීතල
දිනෙක ...

ඇයට ඔහු ඇති මටද ඇය ඇති
සෙනග ගැවසුණු
හවස...

ඇයට තනි නැත මට තනිය ඇත
එකම අතකට
යන්න...

උදේ අරලිය රෑට කඩුපුල්
විඳින්නෙමි මම
සුවඳ...

නෙලන්නට වෙර දරන් නැතිනම්
කියනු මැන මට
වරද...


14 comments:

  1. Replies
    1. ඒක තමයි.. ඇත්තටම වරදක් නැද්ද කොහෙද.. :)

      Delete
  2. අද තමයි මේ පැත්තට ආවෙ.ටිකක් වෙනස් නිර්මාණයක්.ලස්සනයි...........
    ///උදේ අරලිය රෑට කඩුපුල්
    විඳින්නෙමි මම සුවඳ///.........අසම්මතයක්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...
      ම්ම්... අසම්මතයක් වගේ එකක් වෙන්න ඕන මට හිතෙන හැටියට.. :)

      Delete
  3. නුඹේ ලෝකයේ නුඹට පමණක්
    උරුම සඳවත ඇයම නම්.....

    ඇගේ ලෝකයේ ඇයට පමණක්
    උරුම රිවිසඳු ඔහුම නම්...

    නුඹේ ලෝකය ඇගේ ලෝකය
    අතර ගණුදෙනු නොවේ නම්...

    සිහින ලෝකෙන් එපිට යන්නට
    කිසිම දිනයක නොම සිතන්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්...
      ඇත්ත කතාව නංගි... එහෙම නම් හිතන එකක් නෑ ඉතින්..

      Delete
  4. කිසිම වරදක් මට නම් පේන්න නෑ..

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ එහෙම තමයි.. :/

      Delete
  5. Replies
    1. වරදක් නැද්ද කොහෙද අයියේ.. :/

      Delete
  6. "නෙලන්නට වෙර දරන් නැතිනම්
    කියනු මැන මට
    වරද..."

    ඈත්ත නේ.. නෙලාගන්න බෑරිනම් සුවද විදින එකේ වෑරෑද්දක් කොහින්ද නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි.. විඳින්න හදන විදිය අනුව තමයි ඉතින් ඒක තීරණය වෙන්නේ ... :)

      Delete
  7. රවීන් සුභ නව වසරක් වේවා ............................

    ReplyDelete