Friday, December 20, 2013

මදුරු සංදේශය...


වැහි වතුරෙන් මඩ වගුරෙන් ඉපදීලා
ලේ බිඳු බී දමා ටික ටික ලොකු වීලා
සිටිනා නමුත් නුඹ ලොවටම එපා වෙලා
සප් එක නුඹේ අද මට ඇත, ඕන වෙලා...

මාස තුනක් පේරේ නැවතී ඉඳලා
රෑ නිදි මර මරා හොඳටම දුක් විඳලා
බඩගිනි වදින විට බිස්කට් ගිල දමලා
පාඩම් කරපු හැටි කියපං "උන් " හොයාලා

අපෙන් අහන්නට දේවල් වෙන නැද්ද
මේවා සැර වැඩියි කියලා දන් නැද්ද
ඉස්සර ප්‍රශ්න මේවර නෑ , ඒ ඇයිද  ..
මේවා අහලා, පිළිතුරු හොයන් වර හොඳද ??

මගේ පේපරේ බලනා වෙලාවට
කනට උඩින් පියාඹපන් උඹ හොඳට
රූන් රූන් ගාලා හොඳ සද්දේ ට
මූඩ් වෙනස් කරපං මම ගොඩ යන්ට ...




15 comments:

  1. මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ වැඩක් තමයි... මේ මගේ වැඩේ කරලා ඉවර වුනාට පස්සේ පුරුදු කරන්න ඕන..:D

      Delete
  2. මූඩ් අවුල් යන්නත් පුළුවන්නේ මදුරු සංදේශයෙන්

    ReplyDelete
    Replies
    1. :/
      එහෙම කරන්න එපා කියලත් කියන්න වෙනවා...

      Delete
  3. ෂඃ නියම සංකල්පයක් ... මදුරු සංදේශය ...

    ReplyDelete
    Replies
    1. :D තැන්කු තැන්කු.. ආට් එකේ මල්ලි කෙනෙක් නිසා තමයි අයිඩියා එක ආවේ..

      Delete
  4. ///වැහි වතුරෙන් මඩ වගුරෙන් ඉපදීලා
    ලේ බිඳු බී දමා ටික ටික ලොකු වීලා
    සිටිනා නමුත් නුඹ ලොවටම එපා වෙලා
    සප් එක නුඹේ අද මට ඇත, ඕන වෙලා...////////

    මේ අපේ ඇමති කෙනෙක් ගැනද කියන්නේ?:D

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඒ මිනිස්සුන්ව මදුරුවෙක්ට උපමා කරන එක මදුරුවොන්ට කරන අගෞරවයක් නේ... :D

      Delete
  5. නියමයි මදුරු සංදේශය !
    මදුරුවාව තමන්ගේ රූම් එකේ ඉදන් පේපර් බලන තැනට යැවුවා නං තවත් ලස්සනට තියෙන්න තිබුනා !

    ReplyDelete
    Replies
    1. වෙන වෙලාවක තව වෙලාව අරන් මොඩිෆයි කරන්න ඕන.. :D .. තැන්කු අයියේ කමෙන්ට් එකට..

      Delete
  6. මටත් සංදේශයක් ලියන්න වේවිද දන්නේ නෑ නේ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. එහෙම වෙන එකක් නෑ .. ඔයා ඉතින් මීටරේ නේ.. :D

      Delete
  7. මේකනම් සුපිරි..මදුරුවාට කතා කරන්න පුලුවන්නම් කොපි කරගන්න තිබ්බ උට ලේ පොඩ්ඩක් බීපං කියලා නේද?

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඔව් මීට වඩා සපෝට් එකක් ගන්න තිබ්බ එහෙනම්.. තැන්කු මේ පැත්තේ ආවට.. :)

      Delete
  8. ඔහොම කරලා වෙනස් උනොත් මූඩ් එක රින අතට
    අහගන්න වෙනව කන පුරවලා නුඹ කල දේට
    ඒක නිසා අහගන්නකෝ මන් කියනා දේ නුබට
    නුඹේ සප් එක වටින්නේ විභාගෙ ලග එන අයට

    යන්න හිමින් පියඹාලා සර් ලගට
    ලෑන්ඩ් කරමු හෙමිහිට කොලරය උඩට
    හිමින් සෑරේ නෙතූ කරකවා හතර අත
    බලා ඈවිත් මට කියන්න සර් මේවර හදන ප්‍රශ්න

    ReplyDelete