Monday, November 9, 2015

බෑගයේ කටුව






මොකද්ද ළමයො මේ බෑග් එකේ ගහල තියෙන කටුව.. මගේ අතේ දැන් දෙපාරක් ඇනුනා..

කොන්දොස්තර මහත්තය එහෙම කෑ ගැහුවෙ බස් එකේ හිටපු අවුරුදු 15ක විතර ඉස්කොලේ ඇඳුමෙන් හිටපු ගෑනු ළමයෙකුට..

මුලු බස් එකේම සෙනඟ ඇය දිහා බැලුවෙ ඉබේටමයි..

සෑහෙන්න ලැජ්ජාවකට පත් වුන ඇය බෑග් එක ඉක්මනටම ගලවල වටපිට බැලුව.. මගේ අතට මම ඒක ඉල්ල ගත්ත..

බෑග් එකේ එක පොකට් එකක් කැඩිලා..
එහෙන් මෙහෙන් ගහපු මැහුම් අතරේ , ගහපු යතුරු කටු 4කින් අමාරුවෙන් ඒ පොකට් එක බෑග් එකට සම්බන්ධ වෙලා තිබ්බ.

එයින් එක කටුවක් භාගෙට ගැලවිලා..
ඒක තමයි අර කොන්දොස්තර මහත්තයගෙ අතේ ඇනිලා තියෙන්නෙ..

කොන්දොස්තර මහත්තයගෙ කෑ ගැහිල්ල පාපුවරුවෙ හිටපු ඉස්කෝලෙ යන කොල්ලො සෙට් එකකට දුන්නෙ කුණු රසයක්..

මොක්ද්ද නන්ගි ඒ කටුව ආ??
ඔව් ඔව් මගෙත් ඇනුනා නන්ගිගෙ ඒ කටුව...
මේ විදියට කෑ ගහල උන් ආතල් ගත්ත..

පෙනුමෙන් ඒ ළමයි හැම දෙනාම එකම ආර්ථික මට්ටමක් තියෙන අය වගේ..
ඒත් අවස්ථාව ආවම උන් තමන් උසස් කියල පෙන්නගන්න හැදුවා...


....මිනිස්සු....

හරි පුදුම සත්තු ජාතියක්...
තමන්ගෙ පීඩනය තව මිනිහෙක්ගෙන් පිටකරන්න කැමති සත්තු ජාතියක්...
ඒ වගේම තමන්ගෙ පවර් එක පෙන්නන්න පුළුවන් අවස්තාව ආවම ආයි දෙවරක් හිතන්නෙ නැතුව පෙන්නන ජාතියක්...

තව මිනිහෙක් තමන්ට වඩා අසරණයි කියල දැනුනම ඌව පාගල දාල කුණු ආතල් එකක් ගන්න ගොඩක් මිනිස්සු කැමතියි..
ඒක තම තමන්ගෙ  අද්යාපන මට්ටම මත රඳා පවතින දෙයක් නෙවෙයි... තමන් හැදුන පරිසරය, තමන්ගෙ  ආකල්ප, මත රඳා පවතින දෙයක්..

කැම්පස් ඇතුලෙ ඉන්නකොට පරාර්ථය හොයන බොහොමයක් දෙනා ඒවයෙන් එලියට ආවම පිටසක්වල ජීවියො වගේ හැසිරෙන්නෙ ඒකයි...
අසරණ වෙලා එන රෝගීන්ට සාත්තු සේවක මහත්තුරු, රටේ නැති ලයින් දෙන්නෙ ඒකයි...
සමහර රජයේ ආයතනවලට ගියාම අපට, ඒවයෙ වැඩ කරන උන්ගෙ ගෑස් බලන්න වෙන්නෙ ඒකයි...
මේ උදාහරණ කීපයක් විතරයි...

මේ දේවල් වෙනස් කරන්න පුළුවන් නම් ලෝකෙ සෑහෙන්න ලස්සන වේවි...



13 comments:

  1. "කැම්පස් ඇතුලෙ ඉන්නකොට පරාර්ථය හොයන බොහොමයක් දෙනා ඒවයෙන් එලියට ආවම පිටසක්වල ජීවියො වගේ හැසිරෙන්නෙ ඒකයි... "

    100% ඇත්ත

    ReplyDelete
    Replies
    1. සමහර පීඨ වලින්ම උදාහරණ ගන්න පුළුවන්.. ඒව ගැන වෙනම කතා කරන්න වෙනවා...

      Delete
  2. //කැම්පස් ඇතුලෙ ඉන්නකොට පරාර්ථය හොයන බොහොමයක් දෙනා ඒවයෙන් එලියට ආවම පිටසක්වල ජීවියො වගේ හැසිරෙන්නෙ ඒකයි...//

    මේකටනම් ඒකග විය හැකියි...... මටත් බොහොමයක් අත්දැකීම් තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. මටත්... සමහර මිනිස්සු ගැන සෑහෙන්න පුදුමයිදැන් හැසිරෙන හැටියට...

      Delete
  3. ඕව ඔහොම තමයි. අපිට වැරදුනාම හිනා වෙන්නෙ අපේම පන්තියෙ එවුන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... අපි අපටම හිනා වෙනව.. මේව කවදා හැදෙයිද ඉතින්...

      Delete
  4. ඇත්තටම මේ එක කතාව ඇතුළේ කතා දාහක් කියවෙනවා.‍කොන්දොස්තරගෙ ගෝරනාඩුවයි,පිරිමි ළමයින්ගේ කෑගැහිල්ලයි අතරෙ දුප්පත්කම බාල්දු වුණු අවස්ථාවක් නේද...හැමෝගෙම මිනිසත්කම් වැස්සට හේදිලා ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඔව්... කොන්දොස්තර මහත්තයා එයාගේ පීඩනය ඒ ළමයගෙන් පිටකර ගත්තා..
      කොල්ලො ටික ඒකෙන් පොරවල් වෙන්න දැඟලුවා...
      අන්තිමේ දුප්පත්කම තමයි බාල්දු වුනේ...

      Delete
  5. ඇත්තටම එක කතාවක් ඇතුළේ කතා ගොඩක් කියවෙනවා.කොන්දොස්තරගෙ ගෝරනාඩුවයි , පිරිමි ළමයින්ගේ කෑගැහිල්ලයි අතර දුප්පත්කම බාල්දු වුණු අවස්ථාවක් නේද.අද කාලෙ මනුස්සකම වැස්සට හේදිලා ගිහින් තියෙන්නේ.

    ReplyDelete
  6. ඇත්ත....... මිනිස්සු මහ පුදුම සත්තු ජාතියක්.......... කවදාවත් මේ දේවල් වෙනස් වෙන්නෙ නෑ............. ඒක තමයි දුක..........

    ReplyDelete
    Replies
    1. වෙනස් කරන්නම බැරිනම් අඩුම ගානෙ මේ ගානෙන්වත් තිබ්බොත් හොඳයි... මට පේන්නෙ එන්න එන්නම මේවගෙ ගති මිනිස්සුන්ගෙ වැඩි වෙනව වගේ...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. තමන්ට වඩා දුර්වල කෙනා යටපත් කරන්න හදන එක කැලෑ නීතිය.මිනිස්සුත් තමන්ට වඩා ආර්ථික,සමාජ හෝ කිසියම් මට්ටමකින් පහළ කෙනෙක්ව යටපත් කරන්න හදන අයට ඉතින් සත්තු කියන එකට වඩා හොඳ නමක් මට මතක් වෙන්නෙම නෑ..))

    ReplyDelete