Saturday, October 31, 2015

ගහපන් ඔය කාලකන්නින්ට - වෙනස දැන් සනීපයි ද ??







කොහොමද මුදලාලි ?

හොඳින් ඉන්නවා මහත්තයා .. කොහොමද ඉතින් ?

මට නම් කිසිම හොඳක් නෑ මුදලාලි.. පොඩි දූගේ ප්‍රතිපල ආවා නේ..
මේ සැරෙත් නූලෙන් විශ්ව විද්‍යාලේ මිස් වෙනවා ..
උසස් පෙළ කරන ළමයින්ගෙන් කොච්චර පොඩ්ඩයිද මේ රජයේ කැම්පස් වලට ගන්නේ?
මොනවා කරන්නද ඉතින්.. ප්‍රයිවට් කැම්පස් එකකටවත් දානවා..

ඒකත් එහෙමද..
ඇත්තට ඇයි මහත්තය රජයේ විශ්ව විද්‍යාලවලට මීට වඩා ළමයින්ව ගන්න බැරි ?

කවුද දන්නේ මුදලාලි..
කවුද ඉතින් ඕවට කතා කරන්න යන්නේ ??
කවුද ඕව ගැන හොයන්න යන්නේ ??

අපටත් ඔන්න ඔහේ වෙන දෙයක් බලන් ඉන්න නේ වෙලා තියෙන්නේ ..

...................................................................................................................................................................

කට් ඕෆ් බැලුවද බං ?

ඔව් මචන්.. මට මෙඩිසින් අහු වෙන්නේ නෑ බං.. එපා වෙලා ඉන්නේ ..

ඕව ඔහොම තමයි මචන්.. ආයි විභාගේ කරනවද ඉතින් ?

තාම හිතුවේ නෑ බං.. බලපන්. මේක හෙනම අසාධාරණයි බං.. මෙච්චර රිසල්ට් එකක් දාලත් යන්න බැරි හැටි..
කරුමේ තමයි බං.. ප්‍රයිවට් කරන්න සල්ලි තිබ්බ නම් මෙච්චර දිදී ඉන්නේ නෑ බං රෙද්ද..

එහෙම තමයි බං.. හැබැයි බං පහසුකම් වැඩි කරලා ගන්නවා නම් අපේ කැම්පස් වලට ගන්න ප්‍රමාණය තව වැඩි කරන්න පුළුවන් කියල අයිය කෙනෙක් දවසක් මාත් එක්ක කිව්වා බං..

වෙන්න ඇති බං..
ඒත් කවුද ඕව ගැන කතා කරන්න යන්නේ ??
කවුද ඕව ගැන හොයන්න යන්නේ ??

...................................................................................................................................................................


මචන් ... 12 ට ගලහ හන්දියේ පිකට් එකක් .. අනිත් උන්ටත් මෙසේජ් එක දීපන්

මොකද්ද කේස් එක මචන් ??

අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධවයි , විශ්ව විද්‍යාල පහසුකම්  වැඩි කරන්න කියලයි...
උසස් අධ්‍යාපන ඇමතිය මේ පාර සාකච්ඡාවත් අල කරලා..

ඒකත් එහෙමද..

කකා ඉන්න වෙලාවක් තියෙන එකක් නෑ බං..
අපේ අනිත් උන් අඬගහන් 12 වෙද්දී ගලහ හන්දියට වරෙන්..
හරි මචං...

...................................................................................................................................................................

මොකෝ මෙච්චර මේ ට්‍රැෆික් එක ?

මේ අර කැම්පස් හු***ගේ පුතාල පාරේ පිකට් එකක් බං..
අනේ ඇත්තට මුන්ට නෙලන්න ඕන හොඳ එකෙන්..

අපේ බදු සල්ලි වලින් ඉගෙන අරන් අපටම කෙලවනවා ..කාලකන්නි හැත්ත..
මුන්ට කාලා බීලා නිකන් ඉන්න බැරි හැටි !!
බලපන් මුන් නිසා අපේ වෙලාව නාස්ති වෙන තරම්...

...................................................................................................................................................................


ප.ලි.
කැම්පස් එවුන් පාරටවිත් ඇතැමුන් කියන අන්දමට මගුල් නටන්නේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන කාල බීල නිකන් ඉන්න බැරුවට නොවේ ය.. මේ වෙනවිටත් උන්ගේ අතේ ඩිග්‍රිය තිබේ.. උන්ටත් පාඩුවේ නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය නෙලාගෙන පාඩුවේ පිට වී යා හැකිය.. කිසි ගේමක් නැත.. කාගෙන්වත් කුණු බැනුම් අහන්නවත් ගුටි කන්නවත් උවමනා නැත .. උන්ට මේ සටන් කිරීමෙන් ලැබෙන ලබ්බක් නැත ..

උන් සටන් වදින්නේ අනාගතයේ කැම්පස් එන්න ඉන්න උන් වෙනුවෙන් ය ..
උන් හිතෙන හිතෙන වෙලාවට පාරට බැස පාර අවහිර කරන්න තරම් ගොබ්බයන්වත් එක එක පක්ෂ වලින් ෆෝම් කරන විට ෆෝම් වෙන්න තරම් රූකඩවත් නොවේ ය... උන් පාරට බහින්නේ සාකච්චා පිළියම් අසාර්ථක වූ විට ය..

රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම හෝ අධ්‍යාපනය පුද්ගලීකරණය අවම කිරීම ගැන කැම්පස් සිසුන් හෝ ආචාර්ය මණ්ඩලය හැරුනුකොට මේවන විට සංවිධානාත්මකව පෙළ ගැසුණු වෙන කවුරුන් හෝ සිටීද ??
උනුත් නිහඬ වුනොත් මේ දේවල් ගැන  කතා කරන්න ඉන්නේ කවුද ??

උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් , බදු ගෙවීම හැරුනුකොට වලපල්ලට යමින් තිබෙන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තමන් කරපු දෙය හෝ  කරන්න හිතන දෙය ගැන මොහොතක් සිතා බලන්න..  


9 comments:

  1. I don't think these students are genuinely fighting for future students. Saying that is a joke.

    ReplyDelete
    Replies
    1. ආදායමක් නැති ශිෂ්‍යයෝ විදියට ඉඳිමින්, මුන් අවංකව අනාගත සිසුන් වෙනුවෙන් සටන් කරනවානම්,උපාධිය සම්පුර්ණ කර රැකියාවකට ගිය පසු වඩා පහසුවෙන් මොවුන්ට ඔය සටන් දිගටම කරන්න පුලුවනිනේ අනුන් වෙනුවෙන් , ඔච්චර අවංක චේතනාවෙන් නම් ඕව කරන්නේ.
      රස්සාවක් ලැබුනම අනිත් එකා මරාගෙන හරි උන්ගේ සටන උන්ගේ බඩ වෙනුවෙන් විතරයි, ඒකයි ඔය වීරයින්ගේ ඇත්ත තත්වේ.

      Delete
  2. AnonymousOctober 31, 2015 at 6:22 PM

    What you think is not always correct. Actually this time your thinking is absolutely wrong.

    ReplyDelete
  3. රවීන්.....................

    මේ රටේ ඉන්න මහජනතාවට නොතේරෙන දෙයක් තමා මේ විශ්ව විද්‍යාල ගිය උන් කරන පිකට් සහ ගෙදර ඉන්න අපේ දරුවන්ට සහ දෙමාපියන්ට මේක සම්බන්ධ වෙන්නේ කියන ඒක.... උඹ මේ හරහා යස අගේට ඒක පැත්තක් පෙන්වනවා... මේ විතරක් නෙමෙයි මචං හෙට අනිද්දා පාසල් වලට මාසෙන් මාසෙට සල්ලි ගෙවලා ළමයි යවන්න වුණාමත් කට්ටියට මේක තේරෙයි.... මේ නැති කරගෙන යන්නේ නිදහස් අධ්‍යාපනය බං.... අපිත් කැම්පස් ගියේ නිදහස් අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න.... නැත්තං අපි අද මෙතන නැහැ... මෙතන සල්ලි කාරයෙක්ගේ දරුවෙක් ඉදියි..... මං තාම ගෙදරට වෙලා කුලී වැඩක්වත් කරකර ඉදියි..... යකෝ රටෙන් සීයට අසූවක් ඉන්නේ මේ දුප්පත් ඝණයට වැටෙන මිනිස්සු ඉන්න රටක මිනිස්සු මේවට කොච්චර සහයෝගයක් දිය යුතුද????? මේ කතා කරන්නේ උන්ගේ දරුවන් ගැන කියලා උන් නොදන්න හැටියක්........ ඒදා කකියපු තරමට ම තාම කැක්කුම දැනෙනවා මේ විදිහට ගහනවා දැක්කා ම බං....

    ReplyDelete
  4. //උන් සටන් වදින්නේ අනාගතයේ කැම්පස් එන්න ඉන්න උන් වෙනුවෙන් ය ..//
    ------අනාගතේ එන එවුන්ට ඇතිවෙන්න තියෙන ප්‍රශ්න මොනවාද???

    ReplyDelete
  5. ඔය අනුන්ගේ යහපත වෙනුවෙන් සටන් කරනවයි කියන එවුන්ගෙන් කී දෙනෙක් රස්සාවට ගියහම දුප්පත් මිනිස්සු වෙනුවෙන් අවංකව සේවය කරනවද.රජයේ සේවය උපාධි කාරයින්ගෙන් පුරවන විදියට මෙලහකට මේක සුරපුරයක් වෙන්න ඕනි.එහෙනම් මිනිස්සුන්ට වැඩක් කරගන්න කාර්යාල ගානේ පෝලිම් ගැහිලා රස්තියාදු වෙන්න වත්.ජරාව දෙන්නවත් සිදුවෙයිද.උපාධි ධාරී ගුරුවරුන් කී දෙනෙක් අවංකව පාසලේදී උගන්වනවාද?කීදෙනෙක් ටියුෂන් වලට දුවනවද?ආණ්ඩුවේ ඉස්පිරිතාලේදී යක්කු වගේ ලෙඩ්ඩුන්ගේ ඇඟට ගොඩවෙන දොස්තරලා ,පුද්ගලික රෝහලේ හෝ දිස්පැන්සරියේදී කතා කරන්නේ බබ්බු වගේ නැළවිලා. උන් ඉල්ලීම් ලබාගන්නේ අහිංසක රෝගීන්ගේ ජීවිත ඇපයට තියාගෙන.සියල්ලන්ම නොවුනත් බහුතරය එහෙමයි.
    මමනම් කියන්නේ ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා මුදලක් අයකලයුතුයි.ඔය මහා පොළවල් නෙවි, අවශ්‍ය සියලු දෙනාට නය මුදලක් දිය යුතුයි ඒ සඳහා.
    රැකියාවක් කර එම මුදල ගෙවීමට සහන කාලයක් සහිතව.එතකොට ඔය පෙළපාලි යයිද කියල බලාගන්න පුළුවන් බොහොම අපුරුවට.හීනමානෙන් පෙලෙනා මානසික ලෙඩුන් පිරිසක් විසින්, අනුන්ගේ ගැට්ට අයින් කරන්න,සමානාත්මතාවේ උගන්වන්න යයි කියා දෙන කෘර ,අමානුෂික නවක වධයත් නිකම්ම නවතීවි.අනුන්ගේ ගැට්ට අයින් කරන්න රැග දීපු එවුන්ගේ ගැට්ටේ තරම උන් රස්සාවකට ගියාම යස අපුරුවට බලන්න පුළුවන්.

    ReplyDelete
  6. i dont think they are fighting for the future generations, they are fighting to ensure more value to themselves which is not wrong in my opinion but they method they use is whats wrong there, and openining more oppertunities for government univercities well its a good idea but who has to pay for it ultimately, Does the country reap the benifits out of the money it invests in these people, majority of the uni students expect government jobs which do not do anything productive to this country other than providing administrative service which is also very low to the expected standards of the world, other than studnets who study computer science engineering and medicine none of the uni students dont get paid prorperly, while i see my friend double degree holder from kelani and slit walking on the road wearing rubber slippers like a begger my friend who studied at private uni is a PM and travels all over the worlds and earns a hefty salary, my points are
    1 the curriculam of government uni doesnt suit the modern world needs, hence these studnets are a failure, thats why they are on the road and not engineering law or medicine students
    2. we teach unwanted shit in the unis while philipines and india produce more and more enginerrs and supply to the demand,
    3. studentys are bunch of hpyroties ,they only worry about them selves, we general public work our asses off to just to pay for an MBA< we work 5 days and attend classes during weekend and are going thru shit to get education and pay for these buggers to get it for free
    4.we need education for everyone, but government cant spend cz governement is people, and people are poor already burden by so many direct and indirect taxes
    5.private uni's have to be there where people can atleast work and pay
    6,educational reforms a must, but not what the students request,

    ReplyDelete
  7. පළමුවෙන්ම මගේ රිප්ලයි එක මෙච්චර පරක්කු වුන එක ගැන සමාව ඉල්ලනවා..
    දෙවැනුව ඉතා සංයමයෙන් පැහැදිලිව අදහස් දක්වපු ඔබ සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා...

    මෙහෙමයි.. ඔබ සියලු දෙනාම කියන මේ සමහර දේවල් මටත් පිළිගන්න වෙනවා... මම හැමතිස්සෙම හරි කියල හිතන්නේ නෑ මම..
    මෙතැනදී ඇත්තටම මට පැහැදිලි කරගන්න බැරි දේ තමයි මේ තරම් පරාර්ථකාමීව හඬ නගන මිනිස්සු සමහරෙක් කැම්පස් එකෙන් එලියට ගියාම මහා කාලකන්නි බවට පත් වෙන්නේ කොහොමද කියන එක.. එහෙම නැත්තන් අර ඉහත අදහසක තියෙනවා වගේ අපේ රට සුරපුරයක් වෙන්න ඕන..

    රජයේ සමහර වෛද්‍යවරු පවා රෝගීන්ව ඉතා පහත තත්ත්වයට දාල කතා කරන අවස්ථා ගැන මටත් අත්දැකීම් තියෙනවා..
    වැරැද්ද කොතනද කියල අපි හැමෝම හොයන්න ඕන .. එක එකා හැදුනම සමාජෙම හැදෙනවනේ

    පරාර්ථකාමී හැඟීමෙන් පාරට බහින එවුන්, වගේම කුහක හැඟීමෙන් පාරට බහින එවුනුත් අපි අතරේ හිටියේ නැතුව නෙවෙයි..
    අන්න ඒවගේ එවුන් මහා තැන් වලට ගියාම වෙන දේ ගැන කියන්න දෙයක් නෑ ඉතින් ..

    ලිපියේ අරමුණ කැම්පස් එවුන් කරන හැමදේම සාධාරණීකරණය කරන එක නම් නෙවෙයි.. සමහර සටන් පාඨ පිළිබඳව මටත් යම් යම් ගැටළු ඇති වෙලා තියෙනවා.. ( උදා : NO PMC )

    මගේ අරමුණ වුනේ, මේ ප්‍රශ්න ගැන දැනට කතා කරන්න ඉතිරි වෙලා ඉන්නේ මේ කැම්පස් ඇතුලේ ඉන්න සෙට් එක විතරයි නෙ ? වෙන කාටවත් ඇත්තම කියනවා නම් ඕවට උනන්දුවක් නෑ ..මුන් ටිකත් සද්ද නැතුව හිටියොත් අපේ මහ තැන් වලින් නිදහස් අධ්‍යාපනයට මොනවා කරයිද කියල හිතා ගන්න පුළුවන් නේද ??

    අන්න ඒකයි මට කියන්න ඕන වුනේ..

    (අනාගතේ එවුන් වෙනුවෙන් සටන් කරපු ඒවාට උදාහරණ ඕන තරම් තියෙනවා .. උදාහරණ විදියට රාගම වෛද්‍ය පීඨය ජනසතු කිරීමත් , සම සෞඛ්‍ය උපාධි කාල සීමාව වැඩි කර ගැනීමත් දක්වන්න පුළුවන් .. මේවා හරි හමන් විදියට භුක්ති විඳින්න හම්බුනේ ඇතුලේ හිටපු උන්ට වඩා අලුතෙන් එන උන්ට නෙ..)

    ReplyDelete