Monday, May 18, 2015

....රූමාගේ මතක ....








මචං මම බොට කියන් නැතුවම
පෙරේදා පේරේ ගියා..
කිව්වේ නැත්තේ ඇත්තමයි බං
උඹට දුක වැඩි වෙයි හිතා...

පේරේ තාමත් ඒවගේ ඇති
ගියේ එලෙසින් හිත හිතා ...
පුදුම විදියට එහෙ වෙනස් බං
එපා වුණි මට ගිය සැනා...

පෙට්ටි කඩයේ වාඩි වෙන්නට
තිබු පීල්ලත් එහි නැතා
හිටගෙනම මම බෙහෙත් බිව්වා
බැරලයට කකුලක් තියා...

උඹ එක්ක මම ආපු දවසට
බැචියෝ, ජුන්නියෝ ආ විටා
මුවා වුන හැටි මතක් විය මට
කෙහෙල් පඳුරට සැනෙකිනා...

දැන් එ පඳුරුත් උස ගිහින් බං
මුවා වෙන්නට බැරි ලෙසා...
අන්කල්ට මම මතක නෑ බං
පුදුම මිනිහෙක් ඒ යකා ..

වැස්ස තිබුනේ නැතත් යද්දී
කළු වලාවක් පාවුණා
එහේ සීතල දවස් ටික අපි
රත් කරපු හැටි සිහි වුනා...

උඹේ දුක මම , මගේ දුක උඹ
බෙදාගත් හැටි එක ලෙසා ....
දනී බෝතල් , මල්, සුවඳ දුම්
අනිත් උන්ටත් වැඩියෙනා...

අනිත් රූමට වාත වුන මුත්
කිව්වේ නෑ ඌ ඒ ගැනා..
ගත්තා ආතල් අපි දෙන්නගෙන්
අපට පාඩුත් නෑ සනා....

ආටෝ එක්කල වලි ගියත් අපි
බින්දේ නෑ මල් සබඳතා
හඳට යන්නට බැරි වුනත් අපි
තරු ළඟට හරි පියැඹුවා...

උඹට මතකද දෙන්න එක්කම
දිනක් මල් ඇට පැල කරා
දාස් පැල ළඟ පැල වෙලා ඇති
බලන් එන්නත් බැරි වුනා...

මොනවා කෙරුවත් රෑ මැද්දේ හරි
දෙන්න නැගිටලා වැඩ කරා..
මතක් වෙනකොට ඒ දවස් මට
පපුවේ දුක් ගුලි හිර වුනා ...

එක ලෙසින් අපි දෙන්න හිටියට
මම බිඳක් ඉස්සර වුනා...
කතා කරලා වැඩක් නැහැ දැන්
කරමු වැඩ ඉදිරිය හිතා...

5 comments:

  1. රවීන්.........................

    හිත කියවපු පද ටිකක්.... අායෙම යන්න අාසයි... ඒත් ගියොත් හිත කොයිතරම් රිදෙයිද දන්නැති නිසා යන්නැහැ......

    අායෙම අතීතයට ගියා.... පොඩි වේදනාවකුත් ඒක්කම.... ඒ කාලේ කොච්චර සුන්දර ද රවීන්....

    ReplyDelete
    Replies
    1. කාලයක් අප්පිරිය වෙලා තිබුන පේරාදෙණිය ආයෙමත් විඳින්න පුළුවන් වුනේ හොඳ යාළුවො දෙතුන් දෙනෙක් හම්බුන නිසා තමයි කුරුටු.... මට එහේ මතක තියාගන්න ඕන මතකයන්ට වඩා අමතක කරන්න ඕන මතකයන් වැඩියි.... 😢

      Delete
  2. ලබන අවුරුද්දෙ මේ වගේ කාලෙ වෙනකොට මට මොනවගේ දෙයක් ලියන්න වෙයිද? :-(

    ඒ ගැන නම් මට හිතන්නවත් බැහැ. පේරාදෙණි එන්න කලින් පොඩ්ඩක්වත් මෙයාලව දැනගෙන හිටියෙ නැති වුණත් දැන් ඒක මහ පුදුම බැඳීමක්, මහ පුදුම යාළුකමක්.....

    ලබන අවුරුද්දෙ මේ වෙද්දි.....
    මම නම් හිතන්නවත් කැමති නැහැ..... :-(

    ReplyDelete
  3. ලබන අවුරුද්දෙ මේ වගේ කාලෙ වෙනකොට මට මොනවගේ දෙයක් ලියන්න වෙයිද? :-(

    ඒ ගැන නම් මට හිතන්නවත් බැහැ. පේරාදෙණි එන්න කලින් පොඩ්ඩක්වත් මෙයාලව දැනගෙන හිටියෙ නැති වුණත් දැන් ඒක මහ පුදුම බැඳීමක්, මහ පුදුම යාළුකමක්.....

    ලබන අවුරුද්දෙ මේ වෙද්දි.....
    මම නම් හිතන්නවත් කැමති නැහැ..... :-(

    ReplyDelete
  4. මේකනම් හරිම ලස්සනයි අයියේ...හරිම සoවේදි... :)

    හැබැයි අඩුවක් තියෙනවා..ඔය දෙන්නත් එක්ක හිටපු TO ගැන ලියලා නෑනේ..

    ReplyDelete