Tuesday, February 5, 2013

ඉරිසියාව ද, ධනාත්මක චින්තනයද ....


කහ මල් පිපී ගස් සතුටින් සුළඟේ වැනෙනවා
මල් එක දෙක ගිලිහීලා බිමට වැටෙනවා
මල් පාරේ ජෝඩු ජෝඩු ඇවිදන් යනවා
මට මොකටද ඕවා - මම අහක බලනවා

හෝල්* එකේ බොග** දාන්න කම්මැලි හින්දා
ලයිබ්රියට යන්න හිතුවමුත් දවසක්දා
ජෝඩු පිටින් ලයිබ්රියේ බොග ලනව එදා
මම තනියම බොග දැම්මා එහෙම මට හොඳා

වැහි වැටෙනා කලදී හන්තාන පියසට 
ගලහ පාරේ ජෝඩු යනවා එක කුඩේ යට 
හරි සතුටින් ඒ අය පිය මැනලා ගියාට 
තෙමෙනවානේ භාගේ භාගේ හිතෙනවා මට 

එන්න කියූ විට වැඩ හැර  දුවගෙන යන්න
රෑ වුනාම හෝල් එකට ගොස් ඇරලන්න
ගෙදර යද්දී පරෙස්සමෙන් එක්කන් යන්න 
මේ වැඩ මට නැත නිදහස ඇත ඇතිවෙන්න   

මහ වැලියත් තුරු මුදුනත් අපි දෙන්න වගෙයි 
හන්තානට පායන හඳ හරිම ලස්සනයි 
එලෙස දොඩන පෙම්බස් මට  කිසි රහක් නැතියි
ඕව නැතත් පෙම් කරන්න අනේ මම දනියි..

* හෝල් එක = හොස්ටල් එක ,
**බොග දානවා = පාඩම් කරනවා 

10 comments:

  1. කෝ කලින් පල කළ ඒවා?

    ReplyDelete
    Replies
    1. එක දවසක් ලියල තියෙන ඒවා උඩින් පල්ලෙන් බලද්දී මේ මොන විකාරද මම ලියල තියෙන්නේ කියල හිතුනා.. එපාර සේරම ටික drafts වලට යැව්වා..:D

      Delete
  2. ධනාත්මක චින්තනය මම හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් වැඩිපුරම හිතන්නේ එහෙම...:D

      Delete
  3. මගේ තනිකම මට හොදා....

    ReplyDelete
    Replies
    1. තනියම ඉන්නකොට කරදර අඩුයි..:D

      Delete
    2. machan pls kalin liyapu dewal aayeth daanna..

      ewata man godak kamathi..ewa niyamai...pls aaye danna...

      Delete
    3. අගය කරාට ගොඩක් ස්තූතියි යාළුවා.. මම ඒවා ටිකක් තෝරලා බේරලා දාන්නම්..:D

      Delete
  4. ඔයා මොන්ටිසෝරි ගියාට හුගක් දේවල් දන්නවා නොවැ.පේරාදෙණියෙ ලොකු මොන්ටිසෝරියටදෝ යන්නේ...?

    ReplyDelete
    Replies
    1. පේරාදෙණියේ තියෙන පොඩි මොන්ටිසෝරි වලින් එකකට මම යන්නේ...:D

      Delete