මේ තමයි මගේ මුල්ම සින්දුව. මම මගේ ......ගෙන් කැමැත්ත අහපු ගමන් එයා ගත් කටටම බෑ කිව්වා.. ඉතින් මොනවා කරන්නද??? කැමති වෙන්නකො කිය කියා පස්සෙන් යන්නත් ලැජ්ජයි මට... මගෙ A/L results වෙනස් වුනෙත් ඒ දවස්වලමයි.. Medicin තියා Dental වත් පේන තෙක් මානෙක තිබ්බ නැති මට එක පාරටම results වෙනස් වෙලා Dental ආවා.. ඉතින් යන්න කලින් තව ගොඩාක් දේවල් මගේ .....ට කියන්න තිබුනත්, කියා ගන්න විදියක් තිබ්බෙ නෑ මට.. මට කරන්න තිබුන එකම දේ හිත හදාගෙන ඉන්න තමයි...ඒකට තමයි මේ සින්දුව හැදුවෙ. ඒත් හිතපු නැති විදියට සේරම විසඳුන නිසා මට මේ සින්දුව අමතක වෙලා තිබ්බෙ.. මොනවා වුනත් ........ වෙනුවෙන් හදපු මම කැමති සින්දු 2ක්ම අප්ලෝඩ් කරපු එකේ මේක අප්ලෝඩ් නොකරන 1 අඩුවක් වගේ නිසා මේකත් අප්ලෝඩ් කරල දාන්නම්... කැමති නම් බලන්න...
දෙනෙත් දවමින් බලා හිඳි ඒ වසත් කල ඇත පැමිණ දැන්
පියාඹන්නට තටු ලැබුන මුත් පියාඹන්නේ කෙලෙස මං...
වෙන්වී යන්නම් ඈතට - නොපෙනී ඉන්නම් නුඹ හට
තව එක් දිනයක මා හමු වී මුමුණනු මැන
සොඳුරියේ.....
හිතට දැනෙනා අමුතු හැඟුමකි කියාගන්නේ කොහොමදැයි..
පමා වැඩි බැව් දැනෙනමුත් තව සඳේ නිහඬව සිටිනු ඇයි...
පායා එන්නම් අහසට - නැලවී එන්නම් ගීයක
සවන් දී හදට ඔබගේ පවසනු මැන
ආදරේ......
මිහිරි සිහිනය නිමා කරමින් යා යුතුයි මා යා යුතුයි
හදෙහි තෙරපෙන එකම වදනකි
ඔබට මම හරි ආදරෙයි.....
අඩේ සින්දුවනම් සිරාවටම ලස්සනයි .. කෙල්ල උඹට බෑ කීවයි ? අඩේ මටත් බෑ කියපු කෙල්ලෙක්ගේ පස්සෙන් යන්න නම් කවදාකවත් බෑ . ..
ReplyDeleteබෑ කිව්වට බන් හා කියන්න බැරුව ඉඳලා තියෙන්නෙ.. හික්ස්ස්ස්.... පින් හොඳේ කොමෙන්ටුවට...
ReplyDeleteපුතා දන්නවද මන්ද, හුඟක් රටවල, මෙඩිසින් යනවට වඩා ලකුණු ගන්න ඕනෙ ඩෙන්ටල් යන්න කියල.
ReplyDeleteP.S.
"වර්ඩ් වෙරිෆිකේෂන්" අයින් කොරල දානවා නං කොමෙන්ට් දාන්න ලේසිය්.
මුලින්ම මගේ සුබ පැතුම් ........
ReplyDeleteලස්සන සිංදුවක් .........
@obsever: එහෙමද මාමේ? මම ඇත්තටම දන්නෙ නම් නෑ.. මොනවා වුනත් මට 1st attempt එකෙන් ඩෙන්ටල් යන්න එපා කියලා කියන්න ගොඩාක් අය නම් හිටියා.. ස්තූතියි කොමෙන්ටුවට
ReplyDelete@කල්හාර දිසානායක: ස්තූතියි සහෝ..
වර්ඩ් වෙරිෆිකේශන් කියන්නේ මොකද්ද? ?මම ඇත්තටම දන්නේ නම් නෑ. :-(
සින්දුව නියමයි රවින්...තව Instrument එකක් දාගත්තනම් මරේ මරු.මං කියන්නේ Bongo Pair එකක් වගේ.දැන් ඉතින් දිගටම ලියන්න.සින්දුත් හදන්න.. තනුව දාන්න පුලුවන්නම් අපේ වත් අක්ක,හසී,සි නි අක්ක වගේ අයත් උදවු කරයි පද ලියල දීල.මාත් බ්ලොග් ලියන්න ගත්තේ මේ අවුරුද්දේ මුල.ඔය උඩම Comment කරලා තියන්නේ මගේ ලෝකේ බ්ලොග් දැවැන්තයෙක්.කෙල්ලෝ ගැන දැනගන්න ඕනෙනං සඳරු සෑර් ඇරෙන්න වෙන කව්රුත් නෑ.
ReplyDeleteහැබැයි පුතෝ සේරටම කලින් මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් එක හදල දාපන්.
ReplyDeleteDesign > Settings > Comments > Show word verification for comments? > Select : NO
වර්ඩ් වෙරිෆිකේශන් කියන්නේ කොමෙන්ට් එක දාන්න යනකොට ඉංග්රීසි අකුරු වගයක් පෙන්නල ඒවා හරියටම ටයිප් කරන්න කියනව කොටුවක, පොඩ්ඩ වැරදුනොත්, ආයෙත් වෙන අකුරු සෙට් එකක් දෙනව හරියට මොන්ටිසෝරි ටීචර් කෙනෙක් වගේ.(සෙකියුරිටි මෙෂර් එකක් ඒක)
ReplyDeleteඔන්න මාත් මේ පැත්තට ආවා...
ReplyDeleteමරු මරු... ලස්සනයි සිංදුව...
සංගිතයට කැමති බ්ලොගර් කෙනෙක් අදුරගන්න ලැබිච්ච එක නියමයි..
මෙන්න මම තව යාලුවෙක් එක්ක කරපු සිංදු 3ක්
http://theemotionmusics.tk/
මේක වැඩ නොකරොත්
http://emotionmusics.weebly.com/
ඒ පැත්තෙත් එන්න වෙලාවක් හම්බ උනාම....
ප.ලි. - මචං වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න..
බොස් මැක්සා වැඩක්....කලින් කියලා තියෙනවා වගේ තව භාණ්ඩ දෙක තුනක් වගේ දාගත්ත නම් එළ.හොඳ මයික් එකක් අර ගනින් මේකේ හම් එකක් එනවා වගේ ඇහෙනවා....අපේ වත් අක්කා,හසී,සඳරු වගේ අයගෙන උදව් ඉල්ල ගනින් පද මාලා සඳහා....
ReplyDeleteඕන්න මම අර වර්ඩ් වෙරිෆිකේශන් කියන 1 අයින් කරා කරපු උද්ව්වට ස්තූතියි තිශ්.. ඔයා අර කියපු බ්ලොග් ගැන මම දන්නේ නෑනේ..(වත් අක්කා සහ හසී) පුළුවන් වෙලාවක ඒවා ගැනත් කියනවද මට??
ReplyDeleteobserver: නැවත මගේ අහින්සක බ්ලොගය වෙත පැමින කොමෙන්ටුවක් දැමීමට තරම් කාරුණික වූවාට ස්තූතියි..
සුපර් මාරියෝ ස්තූතියි කොමෙන්ටුවට සහෝ.. මම ඒ උඹ දීපු සයිට් 1ට ගියා බන්.. සින්දු ගැන කොමෙන්ටු දෙන්නෙ කොහොමද??
ශාන්: ස්තූතියි සහෝ දිරිමත් කරාට..මම ෆෝන් 1න් බන් රෙකෝඩ් කරන්නෙ. බලමු උඹලා ඔහොම කියනකොට ආයෙ තව ඒවා කරන්න හිතෙනවා..
කොමෙන්ටු දාපු හැමෝටම ආයෙමත් ස්තූතියි..
ReplyDeleteඔන්න මට පුළුවන් වෙලාව ආව..
ReplyDeleteමෙහෙමයි, සොඳුරු සිත බ්ලොග් එක ලියන්නේ වත් අක්ක.
මෙන්න ලින්ක් එක.
http://sodurusitha.blogspot.com/
හසීගේ සිතුවිලි ලියන්නේ හසීම තමයි..
http://hashikahettige.blogspot.com/
සිතුවිලි නිහඬයි බ්ලොග් එක ලස්සනට ලියන්නේ සී නී අක්ක..
http://sdsithuvili.blogspot.com/
කියවල බලන්න... ගන්න ගොඩාක් දේවල් තියෙයි.
බොහෝම ස්තූතියි තිශ්!!!
ReplyDeleteඒවලට කමෙන්ට් ඔන නෑ..
ReplyDeleteමම නිකන් කිව්වේ බලන්න කියලා.. ඒව ගැන ඔයාට හිතෙන දේත් මෙතනම කියන්න...
ඒක අපේ ඔපීසියල් සයිට් එක :D :D :D
සින්දු 3ක් කිව්වට එතන 4ක්ම තිබුනා නේ.. මම තාම ඇහුවෙ මුල් 3 විතරයි.. එතනින් ගිම්හානයේ සින්දුව තමයි මගේ හිතට ගොඩාක්ම ඇල්ලුවේ.. අනිත් 2ත් ගොඩාක් හොඳයි හොඳේ?? මම කියන්නේ අරක ඊට වඩා හොඳයි කියලා
ReplyDelete@රවින් - ඔයාට කමෙන්ටු දාන්න තැනක් ඔන කිව්වනේ.. මට අමතක උනා මෙන්න මූනු පොතේ අපි..
ReplyDeletehttp://www.facebook.com/pages/Emotion-Musics/165896050104955
ගොඩක් ලස්සනයි රවීන්...
ReplyDeleteමිහිරි සිහිනය නිමා කරමින් යා යුතුයි මා යා යුතුයි
හදෙහි තෙරපෙන එකම වදනකි
ඔබට මම හරි ආදරෙයි... මේ අන්තිම පද ටිකට මං ගොඩක් ආසයි!
බොහෝම ස්තූතියි පවිත්රා කොමෙන්ටුවට..මාත් සින්දුවේ ආසම ඒ ටිකට තමයි..:-)
ReplyDeleteකොල්ලෝ මේ සින්දුව මට තමයි උබ මුලින්ම play කරලා පෙන්නුවේ.මෙගේ ෆෝන් 1ke 2GB සින්දු පුරවලා තිබුනට අන්තිමේදී ඉතුරු උනේ ඔය සින්දුව විතරයි.මම මේකට හුගාක් ආසයි.තාමත් මේක මගේ ෆොනේ කෙ තියනවා.එලකිරි මගෙන් සුබ පැතුම්
ReplyDeleteඑල එල අන්ජු.. මට මතකයි උඹ රට යන්න කලින් මෙහේ ආපු වෙලාවේ මට පෙන්නුවා.. ස්තූතියි..:-)
ReplyDelete