Sunday, May 29, 2011

මේ තමයි රිපීඨයේ රස......

                 A/L කරලා කැම්පස් 1ට පැන ගත්තම මම හිතුවේ "අම්මෝ යාන්තම් ඇති දැන් නම් ශේප් එකේ වැඩ ටික කරන් යන්න පුළුවන්" කියලා.. ඇයි ඉතින් අහන අහන හැමෝගෙන්ම තෙල වැදුනේ:

             කැම්පස් ලයිෆ් එක මාර ෆන් මචන්.. ආතල් එකේ වැඩ ටික කරන් ඉන්න තියෙන්නෙ.. අයියෝ එක්සෑම්ද? ඒවා ගොන් පාට් නේ බන්. උඹට ඕක කර ගන්න පුළුවන්... ෆන් එකේ ඉඳින්.. ඕන්න ඔහොමයි..

 1st year එක නෙ. මට ටිකක් මොරාල් අප් වෙලා හිටියෙ. මුලටම මේ කතා විශ්වාස නොකරත් 1st semester exam එක කරාම හිතුනා අනේ ඇත්තට මේ කියන දේවල් ඇත්ත නේද කියලා.. ඉතින් ඕකෙන් වුනේ ඇත්තම කියනවා නම් මම ගොනාට ඇන්ද එක. එහෙම ඇඳලා නිකන් හිටියා නම් තව කමක් නෑ. රට වටේ තියෙන මෝඩ ආතල් සේරම ගත්තා.. එහෙම ගන්න ගමන් තව පොර වගේ හිතුවත් එක්ක යකෝ ස්ටඩි ලීව් එක සති 3ක් තියෙන්නෙ. අරක ගොඩ දා ගත්ත එකේ මේක ගේමක් වෙන එකක් නෑ කියලා..( මොකද අපේ FAC එකේ සම්මතයක් තියෙනවා 1st year එකේ 1st semester එකට වඩා 2nd semester එක ලේසියි කියලා..)

            ඔන්න ඉතින් එහෙම ඉඳලා මට 2nd semester එකේදි  රිසල්ට්ස් ආවම බැලින්නම් හත් දෙයියනේ  module 3ක්ම රිපීට්.. මොනවා කරන්නද? වැඩේ ලේසි නෑ අප්පා... ඊළඟ පාර ජුන්නො එක්ක ලියන්න වෙනවා.එක පාරක් පාඩම් කරපුවා නේ. දැන් ආයෙ පාඩම් කරනවා කියන්නෙ මරණවා වගේ.. මට දැනුන සතුට කොච්චරද කියනවා නම් ඒවට පාඩම් කරන්න ගත්තම මට මෙන්න මේ කවිය වගේ එක ලියැවුනා...
                                              
                                                 රිපීඨය

                     නොයා යුතු පීඨයකි -ඒ නමුත් මම ගියෙමි
                              ආතල්ය ඇත්තෙන්ම - කියන්නට බැරි තරම්
                     රිපීඨය රිපීඨය - ඔබ හරිම සුන්දරය
                              කියා ගත නොහැක මට - එතරම් ම ආතල්ය
                     නොදැන මම ගොඩ වුනෙමි - රසය දැන ගතිමි ඉන්
                              හැර යන්න වෙන නමුත් - ශුවර් නෑ මේ වරත්
                    මෙහෙයුමක් දියත් කරා - හැර යා යුතු බැවින්
                        
                                    හපොයි කරුමෙක මහත

                    පටන් ගත් තැනම මම - පල් වේය දින ගනන්
                                    රිපීඨය හැර යන්න - හැකි වෙයිද මෙවර වත්?

                          ( කාට කාටත් මේවා හොඳ පාඩම් හොඳේ? )


                    

23 comments:

  1. ඔව් ඔව්.. මං වගේ අයටත් මෙවා හොද පාඩං. අපි හිතන් ඉන්නව අපිට පුලුවන් කියලා. අන්තිමට ඇනෙනකන් දන්නෙ නෑ...

    ReplyDelete
  2. නඟා : හික්ස්ස්ස් ඒකනේ.. මම දන්න හැටියට මේක ගොඩාක් අයට වෙන දෙයක්...

    ( නඟා අක්කාද නංඟීද කියා නොදන්නා බැවින් නඟා ලෙසම සඳහන් කළෙමි.. අමනාප නොවන්න..;-) )

    ReplyDelete
  3. @රවීන් - දැන් යුනිවර්සිටි යන්න ඉන්න කට්ටියටත් එක්ක ඕක මතක් කරපු එක හොදයි.... එක්සෑම් ලේසී කිව්වට මගේ යාලුවොත් කියන්නේ ලේසී නෑ කියල තමයි... විශෙෂයෙන්ම මෙඩිකල් ෆැකල්ටියෙ....

    ReplyDelete
  4. උඹ ඔය කිව්වත් ඕක වෙනකන්ම තේරෙන්නේ නෑ බන්

    ReplyDelete
  5. සම්පූර්ණ ඇත්ත.... පොඩි ලමයි මේවා බලලා හැදෙන්න ඕන ඔන්න...

    ReplyDelete
  6. @සුපර් මාරියෝ : ඔව් . මම කැමති නෑ මම වැටුන වලේ තව අය වැටෙනවට. ඒකයි වැඩියත්ම මේ පොස්ට් 1 දැම්මේ.

    @තාරක : ඒක නම් ඇත්ත. මොකද මාත් ඕක වෙනකන්ම මෝඩයා වගේ හිටියා නොවෑ

    @අභීත අයියා : එක පොඩි ළමයෙක්‌ හරි හැදුනොත් ලොකු දෙයක් අයියේ..

    @රත්ගමයා : හික්ස්ස්.. පොඩි උන් විතරක් නෙවේ තමයි ඇත්තට හැදෙන්න ඕන..

    ReplyDelete
  7. කැම්පස් එකේ රස කතා එහෙම ඇතිනේ.. පුළු පුළුවන් වෙලාවට ඇවිත් ඒවායිනුත් ටිකක් ලියල යමන් මචං.ඉක්මනින්ම දත් ගලවන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා !!
    දත් = සල්ලි නෙමේ.. (ඕන මගුලක් හිතා ගනින්)

    ReplyDelete
  8. රස කතා නම තියෙනවා බං. පුළුවන් වෙලාවක ලියන්න ඕන.උඹේ ප්‍රාර්ථනාවට ස්තූතියි හොඳේ!!!

    ReplyDelete
  9. බ්ලොග් එක එළ.ටික ටික කියෙව්වා.පස්සේ ඔක්කොම ටික නිවාඩු පාඩුවේ කියවලා බලන්නංකෝ.ජය වේවා.
    අභීත අයියා තමයි පාර කිව්වේ...

    ReplyDelete
  10. බොහොම ස්තූතියි මේ පැත්තට ආවට..පුළුවන් වෙලාවක ඇවිත් බලන්න පුළුවන් නම් ඒක මට ගැම්මක් හොඳේ... අහ්හ්... අභීත අයියාටත් ගොඩාක් ස්තූතියි!!!

    ReplyDelete
  11. අපිට නම් පුතා රිපීට් වෙනවා කියන්නේ අයෙ ඕනෙ නෑ......

    ReplyDelete
  12. @ශාන්: ඒ මොකද බං???

    ReplyDelete
  13. කතාව ඇත්ත... හැමෝම කැම්පස් ගිය අලුත හිතන්නෙ ඔහොම තමයි.. අපු හැටිය ගොන් තෙල් වැදුනොත් දෙයියන්ගේම පිහිටයි තමයි.. :p
    කවිය ලස්සනයි..!

    ReplyDelete
  14. ඒක නම් ඇත්ත දඩබ්බරී. මට වුනේ ඒ වගේ දෙයක් තමයි. ස්තූතියි කොමෙන්ටුවට..

    ReplyDelete
  15. හැමෝටම ලැබෙන්නෙ නැති වාසනාවක් මලයා කැම්පස් යනවා කියන එක විහිලුවකට ගන්නෙ නැතුව හොඳට පාඩම් කරලා ලියන්න .....

    මගේ සුබ පැතුම් .......

    උඩ තියන කවිය නරකම නැහැ ...

    ReplyDelete
  16. @කල්හාර දිසානායක. : අයියාගේ කතාව ඇත්ත අයියේ. මම දැන් නම් ටිකක් හැදිලා වගේ.. ගොඩාක් ස්තූතියි කොමෙන්ටුවට..

    ReplyDelete
  17. මල්ලිට ඕක first year එකේ තේරුන එක ලොකු දෙයක්. අන්තිම සතියේ කුප්පිවලින් ගොඩ ගිය මට interview ගියාමයි තෙරුනේ...
    මොනවා උනත් පිස්සු නැතුව ඇක දාන කැම්පස් ජීවිතේකුත් වැඩක් නෑ...

    ReplyDelete
  18. @මන්තරකාරී: ඔව් අක්කේ.. නිකන් පිස්සුවෙන් වගේ ඇක දාලත් බෑ තමයි.( අපි කියන්නේ බොග දානවා කියලා) ඒත් තමන්ගේ තරම තේරුම් අරන් ඕන පිස්සු නටන්න...:-)

    ReplyDelete
  19. සහෝ යුනියේ කරන සබ්ජෙක්ට් එක නම් මම දන්නේ නැහැ. ඒත් 1st year එකේම රිපීට් එකක් සෙට් වෙනවා කියන්නේ හොදි ඕන් නැහැ.....

    මට නම් දෙයියනේ කියලා 1st year එකේ කිසි paper එකක් රිපීට් වුණේ නැහැ. හැම එකකටම A තිබුණා. GPA එකත් අපරාදේ කියන්න බැහැ 4.0 තිබ්බා.

    දැන් මේ 2nd year එකේ තමා ෂුවර් නැත්තේ.........

    ReplyDelete
  20. එහෙමද??? නියමයිනේ බං.. උඹට 2 වසරේ ඒවත් අව්ලක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  21. මට නම් ඕක හිතෙන්නේ exm ඉවර උන්නාමයි. 1st semsester එක ඉවර උනාම හිතනවා ඊලග ටික නම් දෙන්නම් පොරි හැලෙන්න කියලා.... 1st year එක ඉවර උනාම හිතුවා 2nd year එක දෙන්නම් කියලා නැති වෙන්න.. 3RD sem.. එකත් ඉවර උනා තාමත් ඒ වගේමයි හිතන්නේ..........

    ReplyDelete
  22. ලොකු මහත්තයා කොහොමද ඉතින් ප්‍රතිඵල ??? රිපීටය හරිද ???

    ReplyDelete