Thursday, December 13, 2012

අපට අපි අමතක ය...(ද ???)



භය හිතේ රජ කරන මහ පුදුම කාලයකි...
අපි අතරමං කරලා හමා යන  මීදුමකි ...

ලෙඩ වෙලා අහස් ගැබ වේලිලා හුස්ම පොද 

හෙවනැලි ද අප අතැර පලා යන හැටි බලන් !!

පංච ඉන්ද්‍රියයෝ අපෙ...මරලාද මැරිලාද ??
කශේරුව කැබලි වී ගැලුවේ සුදු  ලේ නේද ??....

හඬ නගා අසන්නෙමු නුඹ කොහිද , නුඹ කොහිද ??

අපව ගලවා ගන්න , නුඹ එන්නේ කවදා ද ??

නුඹ ඉතින් අපි අතර සිටින බව නොමදකින
ඇස් පේන මේ අපිම කොයිතරම් අන්ධයිද??


"නුඹ" ඒවි යැයි හිතන  "අපට අපි අමතක ය"

10 comments:

  1. අනේ අදහස තේරුම්ගන්න අමාරුයි මට නම් :( (ටියුබ් ලයිටනේ)

    ReplyDelete
  2. :D එහෙමද???
    කමක් නෑ... කියවල බැලුව එකත් වටිනවානේ ඉතින්...
    ස්තූතියි මේ පැත්තේ ආවට..

    ReplyDelete
  3. හ හා...මම තමයි මොන්ටිසෝරියේ 100 වෙනි ළමයා..

    ReplyDelete
    Replies
    1. :) හා හා...
      බොහොම ආදරෙන් පිලිගන්නවා 100 වෙනි ළමයව..
      තෑගි නම් නෑ හොඳේ...:)

      Delete
  4. ඇත්තටම මටත් තේරුණේ නෑ.... :)

    ReplyDelete
    Replies
    1. :P එහෙමද??
      කමක් නෑ ඉතින් ..
      කියවපු එකත් වටිනවා..

      Delete
  5. මට නම් තේරුණා...:D :D

    ඇස් පේන මේ අපිම කොයිතරම් අන්ධයිද??..මේ අන්ධ බව තවත් කොයි කලක් පවතීද?????

    ReplyDelete
  6. එක්කෝ එහෙම ඉන්න තරමට හොඳයි වගේ අක්කේ..

    ReplyDelete
    Replies
    1. චංගුමිටයි,නයිට් රේස් එකටයි පිං සිද්ද වෙන්න එක්කෝ එහෙම ඉන්න එක හොඳා තමා මල්ලියේ...;) :D

      Delete
    2. හික්ස්.. චන්ගුමි සහ හලාල්..:D

      Delete