Monday, October 8, 2012

කටුසු බබා සහ දෙමලිච්චා....

එක දවසක් හැන්දෑවක
ඉර බැහැගෙන යන ජාමෙක
එලියට ගොස් ඇවිදින්නට
මේ මට හිතුනා....

වත්ත වටේ ඇවිදිනකොට
පුංචි සද්දයක් ඇහුනා
ඒ මොකද්ද බොලේ හිතලා
බලන්නට ගියා..






සද්දේ ඇහෙන පැත්ත බලා
හොර පූසෙකු වගේ වෙලා
අඩි සද්දේ නෑහෙන ලෙස
මම පිය නැගුවා...

කොහෙන්ද මේ සද්දේ එන්නේ
හොයා ගන්න අමාරුයිනේ
රතුමල් ගහ අස්සෙන්දෝ
මට සැක හිතුනා...



මගේ සැකය හරියට හරි
ගහ යට කොළ රොඩු අතරේ 
කටුස්සෙකුයි කුරුල්ලෙකුයි
වලියක් යනවා...

මේ වලියක් නෙවේ නේද 
චූටි තෙලක් වගේ නේද
ලංවීලා බලන කලට
මෙමට තේරුණා.....

කටුස්සාව වාඩි කරන්
දෙමලිච්චෙක් තෙල් ගහනවා
බලන් ඉන්න ආස හිතෙන
ආතල් දසුනක්....




මේ වාගේ නියං කාලෙ
බඩගිනි ජය ගන්නා හැටි
දෙමලිච්චා කටුස්සාට
කියලා දෙනවා...

දෙමලිච්චා හරිම හොඳයි
කටුස්සාට උදව් කරයි
එහෙම හිතපු මම දැක්කේ
හරි පුදුම දෙයක්...

වේලුන කොළ රොඩු අතරේ
දෙමලිච්චව පේන්නේ නෑ
කටුස්සාට හොරාට ඌ
කෑම බුදිනවා....

කාපු තෙලේ බලේ නිසා
මනෝ ගහල කොයිල් වෙලා
රතුමල් අතරේ කටුස්සා
වැතිරී හිටියා...

කෑම තිබූන මුත් වටපිට
කටුසු බබා දැක්කේ නෑ...
බඩගිනි පරදන්න හිතෙන්
සටන් කරනවා...






කොහේදෝ යන උකුසු රජෙක්
එකපාරට පහත් වෙලා
කටුසු බබා උස්සාගෙන
අහසට නැග්ගා....

දෙමලිච්චත් හිනා වෙලා..
කොලරොඩු අතරේම ඉඳල
තවත් ටිකක් කෑම කාල
ඉගිලිලා ගියා........ (උකුස්සටත් අත වනලා...)

දෙමලිච්චත් ඇත සතුටෙන්
උකුසු රජත් ඇත සතුටෙන්
මටත් ඕව ගානක් නෑ
මම ගෙදර ගියා.....


4 comments:

  1. කටුස්සා දෙමලිච්චාට රැවටුණේ ඇයි? ඌටත් පාට වෙනස් කරන්න තිබ්බනේ. එහෙනම් කටුස්සට බේරෙන්න තිබුණා.
    (මට තේරුණ විදියට කිව්වෙ. හරිද මන්දා.)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කටුස්සට පාට වෙනස් කරන්න පුළුවන් කම තියෙද්දිත් නොකරපු එක තමයි වැරැද්ද..
      :(
      කටුස්සා දෙමලිච්චාට රැවටුනේ මම හිතන්නේ, ඌ හිතුව දෙමලිච්චා තමයි ඩයල් එක, ඌ කියන දේවල් අනුව වැඩ කරොත් ගොඩම තමයි කියල..

      Delete
  2. :( :( අරය පව්නේ :(

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒත් ඒ ගැන හිතන්න එපා...:D මම වගේ ඉන්න.

      Delete