Wednesday, March 23, 2011

සත්තකයි මට සියට සීයක්.........

ගිනි අව්ව මහ පොළොව ඉරි ඇඳ
සුළඟ දුහුවිලි මතින් ඇදුනත්
නුඹට ඒ බව නොදැනෙනා බව
සත්තකයි මට සියට සීයක්
a/c මැෂිමත් ෆුල් දමා ගෙන
වළා ඇතිරූ benz රිය තුල.....
නුඹට දැනෙනා එවන් සිසිලස
නුඹේ අසළම පාර අයිනේ
දුහුවිලිත් ගත පුරා දවටන්
සිඟා යදිමින් හඬා වැටෙනා
ඇගේ ගත නම් නොවිඳිනා බව
සත්තකයි මට සියට සීයක්.....
වැරදි කරුවෙක් නොමැත
වැරැද්දක් ඇති බවක් පෙනුනත්
නිවැරදිව හැම දේම වේ නම්
දෙදෙනාම එක් අසුනකට වී
ලෙන්ගතුව දොඩමළු වෙනා බව
සත්තකයි මට සියට සීයක්......







4 comments:

  1. පින්තූර ටික නිසා කවියට අලුත් තේරුමක් දීලා කියලයි මට පේන්නේ...

    ReplyDelete
  2. ඔව්‍ පවිත්‍රා.. මේක ලියන්න හේතු වුනේ ඇත්තටම දැකපු සිද්දියක්

    ReplyDelete
  3. මාර දුකයි ඒ පින්තූර ටික දැක්කාම නම් .......

    ReplyDelete
  4. ඔව් අයියේ මේවා දැක්කම අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා.

    ReplyDelete