"දිස්ත‍්‍රික්
කුසලතාව ගණනය කිරීමේදී සිදුවූ දෝෂය විභාග ප‍්‍රතිඵල ගණනය කිරීමේ අවසන් පියවරේදී
මතුවූවක් මිස ,
දත්ත
ඇතුළත් කරන අවස්ථාවේ සිදුවූවක් නොවේ"...
ඉහත දැක්වෙන්නේ උසස් පෙළ ප්‍රථිපල
අවුල ගැන හොයන්න පත් කරපු විද්වත් කමිටුවේ අන්තිම තීරණය යි.මේ තීරණය හරිද වැරදිද
කියල කතා කරන්න කලින් මේ සිද්ධිය දැනට අමතක වෙලා තියෙන අයට මම පොඩ්ඩක් මතක් කරලා
දෙන්නම්.
සිසුන් දෙලක්ෂ අනූ හතර දහස්
අටසිය හැට එකක් (294 861 ) පෙනී හිටපු 2011 උසස්
පෙළ විභාගය අගෝස්තු 8 වනදා සිට සැප්තැම්බර් 3වනදා දක්වා පැවැත්වුනා. මේ
විභාගෙ පැවැත්වුනේ විෂය නිර්දේශයන් දෙකක් ( ඒ කියන්නේ නව සහ පැරණි ) යටතේ .
කොහොම හරි මේ විභාගේ ප්‍රතිපල
එන්න දවසින් දවස කල් ගියා. ඒගැන අපට වඩා හොඳට දන්නවා ඇත්තේ විභාගේ කරපු අපේම
නංගිලා මල්ලිලා සහ එයාලගේ අහිංසක දෙමව්පියෝ. ඒකට හේතුව වුනේ මේ විෂය නිර්දේශයන්
දෙකෙන්ම විභාගයට පෙනීහිටපු සිසු සිසුවියන් සඳහා ගැලපෙන ආකාරයේ z
score ක්‍රමයක්, අපේ
අති උතුම් විභාග දෙපාර්තමේන්තුවට හදා ගන්න බැරි වුන එක . ඉතින් මේ ගැටලුව විසඳන්න
පත් කරගත්තා තව කමිටුවක්. මේ කියන්නේ අර විද්වත් කමිටුව ගැන නෙවේ.
(අපේ රටේ ප්‍රශ්න විසඳන්න
තියෙන හොඳම ක්‍රමේ තමයි ඔය කමිටුවක් පිහිටුවන එක)
මේ තියෙන්නේ ඒ කමිටුවේ එක්
සාමාජිකයෙක්ගේ ප්‍රකාශයක්..
අපි
කමිටුවේ සිටි සියලූම දෙනා මේ විෂය ක්ෂේත‍්‍රය පිළිබඳ ලංකාවේ සිටින ඉතාම දක්ෂයන්.
ඔවුන් ඒ කාර්යය ඉතාම හොඳින් සිදුකළා. සංඛ්‍යාන විද්‍යාවේ තිබෙන ලෝකයම පිළිගත් සූත‍්‍රයක්
අපි මේ සඳහා භාවිත කළා. මේ සියලූ දේ සඳහා දවස් දෙකක කාලයක් තමයි ලැබුණේ. දිවා රෑ
නොබලා වෙහෙසිලා ප‍්‍රතිඵල ඉතාම නිරවද්‍ය අයුරින් අසාධාරණයක් නොවන විදිහට ලබා දෙන්න
අපට හැකි වුණා. ඉතාම සුළු පිරිසකට ස්ථාන තුනක් හතරක් එහා මෙහා වීමක් සිදුවුණා. ඒක
අපි ඉතාම සූක්ෂමව සිදුකළේ. එවැනි දේවල් සිදු නොවී මේ කාරණය කරන්න බැහැ.
එහෙත්
විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේ අවම සුදුසුකම් ලබාගත් ළමයින් ගැන සහ මෙරිට් ගත්තු ළමයි
ගැන අපි ඉතාම අවධානයෙන් තමයි කටයුතු කළේ. ලංකාවේ ඉතාම හොඳම ප‍්‍රතිඵල ලබාගත් 40% ගැන ඒ
කියන්නේ මෙරිට් ගත්තු ළමයින්ට නම් ඉහත කිව්ව ආකාරයේ අසාධාරණයක්වත් සිදු නොවෙන්න
අපි කටයුතු කළා. එයාලගේ ප‍්‍රතිඵල නම් කිසි සේත්ම එහා මෙහා වුණේ නැහැ. ප‍්‍රතිඵල
සම්බන්ධයෙන් උද්ගත වුණු ප‍්‍රශ්නය නම් z අගය හෝ
ප‍්‍රතිඵල පිළිබඳ ගැටලූව නෙමෙයි. තාක්ෂණික දෝශයක්.
මම සංඛ්‍යාන විද්‍යාව ගැන
මෙලෝ හසරක් දන්නා එකෙක් නෙවේ. ඒ නිසා මේ උත්තමයාගේ ප්‍රකාශය විවේචනය කරන්න මට
අයිතියක් නෑ. ඒත් එතැන මහා අමුත්තක් තියෙනවා වගේ කියලා මට හිතෙනවා... උදාහරණ
විදියට මෙන්න මේ කරුණු 3:
1. ඉතාම
සුළු පිරිසකට ස්ථාන තුනක් හතරක් එහා මෙහා වීමක් සිදුවුණා. ඒක අපි ඉතාම සූක්ෂමව
සිදුකළේ.
2.ලංකාවේ
ඉතාම හොඳම ප‍්‍රතිඵල ලබාගත් 40% ගැන ඒ
කියන්නේ මෙරිට් ගත්තු ළමයින්ට නම් ඉහත කිව්ව ආකාරයේ අසාධාරණයක්වත් සිදු නොවෙන්න
අපි කටයුතු කළා.එයාලගේ ප‍්‍රතිඵල නම් කිසි සේත්ම එහා මෙහා වුණේ නැහැ.
3.ප‍්‍රතිඵල
සම්බන්ධයෙන් උද්ගත වුණු ප‍්‍රශ්නය නම් z අගය හෝ
ප‍්‍රතිඵල පිළිබඳ ගැටලූව නෙමෙයි.
මේකේ පළමු හා තුන්වැනි කරුණු දැක්කම නිකන් පොඩි පරස්පර
ගතියක් මට නම් ආව. ඒ මගේ නොදැනුවත්කම නිසාද දන්නේ නෑ හැබැයි. ඊළඟට මට ආපු ප්‍රශ්නේ
මේ ඉතාම සුළු පිරිසට z අගය හදනකොටයි, අර ඉතා දක්ෂ පිරිසට z අගය
හදනකොටයි වෙන වෙන පියවර අරන් තියෙන්නේ ඇයි කියලා. සංඛ්‍යාන විද්‍යාව ගැන දැනුම
තියෙන කෙනෙක් මේක දැක්කොත් පුළුවන් නම් "තේරෙන විදියට " මටත් ඒක කියල
දෙන්න.
අන්තිමේ දෙසැම්බර් 25
වැනිදා අපේ ආදරණීය නංගිලා මල්ලිලාගේ ප්‍රතිපල අන්තර්ජාලයට නිකුත් වුනා.. ඒ අන්තිම
විහිළුසහගත විදියට. සමහර අයගේ ප්‍රතිපල වැරදියි, තව
සමහර අයගේ පෙනී හිටපු විෂයන් වැරදියි, එක විකාරයයි.
අහක ඉන්න සමහරෙක්ට පෙනුනේ ඒකෙ
විහිළුසහගත බව විතරයි. ඒත් විභාගේ ලියපු බොහොමයක් නංගිලා මල්ලිලාට, එයාලගේ
අම්මලා තාත්තලාට ඒ විහිළුසහගත බව නම් දැනෙන්න ඇත්තේ පපුවේ පත්තු වුන මහා ගින්දරක්
වගේ. මේ ගින්දර යම් තාක් දුරට අත්දැකපු එකෙක් මම.. මේ විභාග දෙපාර්තමේන්තුවේ
උත්තමයන් මගේ රිසල්ට් එකට දීපු ආතල් එක නිසා මගේ අම්මයි, තාත්තයි, මමයි
විඳවපු හැටි මට තාම මතකයි..
ඔන්‍න ඔය ප්‍රශ්නේ ආවම අපේ
අතිගරු ජනාධිපතිතුමා තවත් කමිටුවක් පිහිටෙව්වා. ඒකට නමකුත් දැම්මා විද්වත් කමිටුව
කියලා.. ශෝක් නම හැබැයි මොනවා වුනත්. මේ තමයි ඒ කමිටුව
1.තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ
ලේකම් ධාරා විජේතිලක මහත්මිය
2.කොළඹ විශ්වවිද්‍යාලයේ
උපකුලපති මහාචාර්ය හිරිඹුරේගම,
3.මොරටුව විශ්වවිද්‍යාලයේ උප
කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන
4.ඌව විශ්වවිද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය රංජිත් පේ‍්‍රමලාල් ද සිල්වා,
5.රාජකීය විද්‍යාලයේ විදුහල්පති
උපාලි ගුණසේකර
එයාල ගත්ත තීරණේ තමයි ඔය මම
ලිපිය පටන් ගනිද්දිම සඳහන් කරේ. එයාල තව තව විසඳුම් වගයකුත් දුන්න. එයින් එකක්
තමයි මීට පස්සෙවත් ටිකක් අලුත් මෘදුකාංගයක් මේ වැඩවලට පාවිච්චි කරපිය කියන එක.ඊට
අමතරව රජයෙන් වෙනදා වගේම ළමයින්ව දැනුවත් කරා recorrection දාපන්
කියලා. ඉතිහාසයේ පෙර නොවිරූ තරම් recorrection ආවා.
පට්ට ගානක් රජයට සෙට් වුනා... එතනින් පස්සේ ඒ පැත්තෙන් කතාව ඉවරයි...
පුද්ගලික විශ්වවිද්‍යාල පනත
ගේන දවස්වලම මේ සිද්දිය වුන නිසා ගොඩක් අය මේක ගැනත් ඒ එක්කම කතා කරා.. නිදහස් අධ්‍යාපනයට
මොකද්ද මේ වෙන්න යන්නේ කියලා හොයල බැලුවා. රජයට, එස්
බීට පලු යන්න බැන්න. රජයේ විභාග පද්ධතිය කෙරේ ජනතාවගේ විශ්වාසය බිඳලා පුද්ගලික
විශ්වවිද්‍යාල වලට මිනිස්සු අද්දගන්න තමයි මේ හදන්නේ කියලා කිව්වා.
හැබැයි එක පාරටම පුද්ගලික
විශ්ව විද්‍යාල පනත ඩොට් වුනා.
ඒ එක්කම මේ ගැන කතා කරන උන්
ටිකත් ඩොට් වුනා. සමහර facebook group දැන් තියෙනවද දන්නේත් නෑ.. පන දාගෙන
ඒ group වල ඒවා share කරපු
උන් දැන් ශිහාන්ගේ weddin එකයි,කජුවත්තේ
එක එක මගුලුයි ශෙයා කරනවා..
මොකද ගොඩක් උන්ට නිදහස් අධ්‍යාපනය
මතක් වෙන්නේ ප්‍රයිවට් යුනි එකක් ගේනවා කිව්වම විතරයි.(මම කියන්නේ හැමෝම ගැන නෙවේ
). ඒ පැත්තෙනුත් කතාව ඒ විදියට ඉවරයි..
ටික දවසක් යනකන් z
score ක්‍රමය
ගැන සිරසෙන් සෑහෙන්න සීන් ඇද්දා. මහාචාර්ය තටිල්ට , දොස්තර
රාජිත බැනපු හැටියි, මහාචාර්ය තටිල් ඒවාට උත්තර දෙන හැටියි ලස්සනට news
firstවල
පෙන්නුවා ගොඩක් වෙලා. මහාචාර්ය තටිල් මේක වැරදියි කියා කියා සෑහෙන්න කිව්වා.මේ z ක්‍රමය
පාවිච්චි කරලා රිසල්ස් දීපු උනුත් මහාචාර්යතුමා මෙහෙම කියද්දී සද්ද නැතුව හිටිය
මිසක් උත්තර දෙන්න ආවේ නෑ නේද?? ඒ මහත්තුරු මොනවා වෙලාවක වත්
ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරේ නෑ යොදාගත්ත සූත්‍රය මොකද්ද කියලවත්...
ඕන නම් මේක වෙනුවෙන්
දෙමව්පියන් සමඟ උසාවියේ පෙනී සිටින්න වුනත් තමාට පුළුවන් කියලා මහාචාර්ය තටිල්
ප්‍රකාශ කරා.. හැබැයි එතුමා මේ වැරැද්ද හදන්න විසඳුමක් දෙනවා මම දැක්කේ නෑ.
දැකපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් එතුමාගේ විසඳුම කමෙන්ට් එකක් විදියට මේකේ සඳහන්
කරන්න කියලා මම ඉල්ලනවා.
ආහ් තව එකක්,
අනුර එදිරිසිංහ මහත්තයා නම්
අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් ව්දියට ඒ සූත්‍රය විස්තර කරා.( බලන්න ඕන නම් මෙන්න http://www.youtube.com/watch?v=P5jEZ3udNZ8
) අපි ඒ
ගැන එතුමාට ස්තූතිවන්ත වෙන්න ඕන..
ඒ කතාවත් එහෙමම ඉවරයි.
එතකොට දැන් ඉතිරි කතාව මොකද්ද????
ඉතිරි කතාව තමයි අපට ටීවී එකේ
නොපෙනෙන කතාව. facebook එකේ ශෙයා නොවෙන කතාව. බොහොමයක් දෙනාට
වින්දනයක් නොගෙනෙන කතාව. ඔව් . ඒ , කතාව තමයි මේ පව ගෙවන්න සිද්ධ
වුන ආදරණීය නංගිලා , මල්ලිලාගේ කතාව. එයාල ගැන බලාපොරොත්තු පොදි බැඳපු අහිංසක
දෙමව්පියන්ගේ කතාව.ඒ කතාව අර කතන්දර වගේ ලේසියෙන් ඉවර වුනේ නෑ.. අදටත් තමාගේ ප්‍රතිපලය
අදහාගත නොහැකිව අසරණ වුන නංගිලා මල්ලිලා ඕන තරම් ඉන්නවා.. තමන්ගේ දරුවන් විඳවන
හැටි දැක දැක කරන්න කිසි දෙයක් නැතුව හිතින් දුක් විඳින අම්මලා තාත්තලා ඕනතරම්
ඉන්නවා. මේ හුදු හිතළු නෙවේ. ඇත්තටම මේ වගේ අය මට මුණ ගැහුනා. ඒත් එයාලට මේ
වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවද කියලා මම නම් දන්නේ නෑ..
recorrection එනකන්
බලන් ඉන්නත් බෑ. මොකද ඊළඟ වතාවේ විභාගය කරන්න වුනොත් කාලය මදි වෙන නිසා..recorrection
එනකන්
උපකාරක පන්ති යන එකත් ආර්ථිකව දුර්වල සිසුවෙක්ට ප්‍රායෝගික නෑ නේද? විභාගය
ඉතා හොඳින් කල බව දැන දැනත් නැවත සැරයක් විභාගෙට සැරසෙන්න සිදු වූ විට ඇති වන්නේ
මොන වගේ හැඟීමක්ද කියලා , ගොඩ දෙනෙක්ට අදහසක් නැතුව ඇති. (මට නම් තියෙනවා.)
දන්නා හැටියට මේ ගැන නඩුවක්
දානව නම් results ඇවිත් දවස් 30 ක්
ඇතුලත දාන්න ඕන. නඩු දාන එකත් හැමෝටම කරන්න අමාරුයි. මොකද නඩුවක් දානවා නම් හොඳට
වියදම් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නත් ඕන .recorrection වලින් results
වෙනස්
වෙනවා. ඒක මම නෑ කියන්නේ නෑ. ඒත් මේ පාර විද්වත් කමිටුවත් ප්‍රතිපලවල අවුලක් නෑ
කියල කිව්වට පස්සේ recorrection වලින් අපේ සහෝදර සහෝදරියන්ට සහනයක්
ලැබෙයි කියලා හිතනවද?? (විද්වත් කමිටුව මේ නිගමනයට එන්න z
score නැවත
සමීක්ෂණයක් කරේ නෑ මම දන්නා තරමින් නම් )
මේවට අපට කරන්න පුළුවන් මොනවද
කියලා මම දන්නේ නෑ. ඒත් මතක තියාගන්න ඕන,මේ විදියේ විසඳුනේ නැති
ප්‍රශ්නයක් තාම අපේ රටේ තියෙනවා කියන එක. මේ ප්‍රශ්නය නිසා දවස ගානේ අපේ සමහර
අහිංසක නංගිලා මල්ලිලා මැරී මැරී ඉපදෙන බව. මේ එක්කෙනෙක්
හරි මේ ප්‍රශ්නය දරා ගන්න බැරුව උමතුභාවයට පත් වුනොත් හරි , ජීවිතේට
මොකක් හරි අනතුරක් කරගත්තොත් හරි ඒකට කවුරු වත් වග කියාවිද?? නිදහස්
අධ්‍යාපනය වෙනුවෙන්, පුද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව මහා ව්‍යාපාරයක් facebook
එක
තුලත් විශ්වවිද්‍යාල තුලත් දියත් වුනා. ඒත් මේ සිද්ධියට එහෙම ඒ තරම් ව්‍යාපාරයක්
දැන් ගොඩනැගිලා නෑ නේද? නැත්තන් ඒ මට පේන හැටිද??
දැන් ප්‍රශ්නය 100 % ක්ම
විසඳිලා කියලා ඔබ සිතා ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් පොඩ්ඩක් හොයලා බැලුවොත් ඇත්ත
තත්ත්වය බලාගන්න පුළුවන් වේවි. අපි මේ අයට ශක්තියක් වෙන්නේ කොහොමද කියලා නීතිය
දන්නා කෙනෙක් හරි, මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් හරි , පොඩ්ඩක්
මේ අයට ගන්න පුළුවන් හොඳම තීරණය මොකද්ද කියලා දැනුවත් කරන්න
පුළුවන් නම් ඒක එයාලට ගොඩක් ලොකු උදව්වක් වේවි.....
කමිටු කියන්නේ කල් මැරීම සඳහා විවිධ පුද්ගලයින් විවිධ අවස්ථාවලට සරිලන විදිහට යොදාගන්න තියරියක්! ඒවායි ලොකු සාධාරණත්වයක් බලාපොර්තු වෙන්න බෑ!
ReplyDeleteඔය කමිටු සමහර වෙලාවට හරිම තීරණේ දෙනවද කියලා හිතන්නත් බෑ...
ReplyDeleteඅනිවා මචං...මේක සිංහලෙන්ම කිව්වොත් නාගත්තා....පෞද්ගලිකව මට වෙච්ච දෙයක් මේක .උඹට මතකද දන්නෑ 2008 අවුරුද්දෙත් ඔය වගේම සිද්ධියක් වුනා.ගුරුවරු උත්තර පත්තර බැලීම වර්ජනය කරා ගෙවන මුදල මදි කියලා.ඊට පස්සේ ආධුනික ගුරුවරු සෙට් එකක් යොදවලා තමා උත්තර පත්තර බැලෙව්වේ....ඊට පස්සේ රිසල්ට් දුන්නා.රිසල්ට් ආවම මම 87 නුවරින්(cut off 86)...හැබැයි මට ශුවර් එකක් තිබ්බා ඉංජිනේරින් සෙට් වෙන්නම ඕනේ කියලා.මම recorrection දැම්මා.මාස 6ක් රිවිශන් ගියා(සංසාරෙම එපා වෙලා....මම ඒ තරමට ශුවර් එකකින් උ/පෙ ලිව්වේ.)Recorrection දැම්මම රිසල්ට් ආවා rank එක 77 වෙලා...B අකුරක් A වෙලා...මගේ විතරක් නෙමේ නුවර දිස්ත්‍රික්කේ 2 පස්සේ දිස්ත්‍රික්කේ 1 වුනා....ඔන්න ඔහොම විහිළු සහගත විදියට රිසල්ට් වෙනස් වුනේ....මුන්ට තේරෙන්නේ නෑ මුං ළමයින්‍ගේ අනාගතෙත් එක්ක සෙල්ලම් කරන්නේ කියලා..... :(
ReplyDeleteමමනං ඔය ගැන හරවත් කමෙන්ට් එකක් දාන්න කරුණු කාරනා දන්නෙ නෑ.. හැබැයි එක දෙයක් දන්නව..
ReplyDeleteඅපි මේ දෙක ඒකබද්ධ කරනව මෙන්න මෙහෙම.. ටොයිං !!!